2014-06-04

ආසාධිත පරිගණක පාලනය සදහා ISP වෙත අවධාරනය කෙරේ!!!

  ආසාධිත පරිගණකයක් ජාල ගතවීම අදාල පරිගණකය පිලිබදව ගැටලුවක් පමනක්ම නොවේය යන්න පිලිගැනීමකි. එය ඔස්සේ එම ආසාධනය විවිධ වූ ආකාරයට අනෙකුත් පරිගණක කරා ගමන් කිරීම ඉන් අනතුරුව ඇරබෙන්නට ඇත්තේ මහත් ඉඩ කඩකි. විටක දැනුවත්ව හෝ තවත් විටක ඔවුන් නොදැනුවත්ව එසේම විටක එම හිමි කරුවන්ගේ නොසැලකිල්ල  ඔස්සේ පහසුවෙන් එම පරිගණකය සම්බන්ද වන අනෙකුත් පරිගණක කරා එම ආසාධනයන් පැතිරීම තවදුරටත් සාමන්‍ය ලෙසට නොසලකා හැරිය හැකි කටයුත්තක් නොවේය යන්න හදාරන්නන්ගේ යෝජනාවක් වෙමින් තිබෙනවා. එහිදී ඔවුන් යෝජනා කර සිටින්නේ ISP වරුන් හරහා එම ආසාධිත පරිගණක සීමිත අන්තර්ජාල භාවිතාවකට සීමා කර අදාල ISP සමග සම්බන්දවී එම ආසාධිත බවින් ගැල වෙන්නට කටයුතු කරන්නට පෙලබවීම අත්‍යවශ්‍ය වෙමින් ඇති බවකි. බහුල වෙමින් ඇති botnets ඔස්සේ ලොව පුරා විශාල පරිගණක සංක්‍යාවක් ආසාධනය වී ඇති අතර එවා ඔස්සේ මෙම සයිබර් අපරාධ කරුවන්ට පහසුවෙන් තවත් පරිගණක ගොදුරුකර ගන්නට අවස්ථාව ලැබීම පාලනය කිරීම සදහා මෙවන් පියවරක අවශ්‍යතාවය ඔවුන් අවදාරනය කර සිටිනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...