2014-06-02

Apple හි WWDC 2014 ඇරබීමට සූදානම්. iPhone සදහා නව intelligent case එකක් නිකුතුවට තව සමාගමක් සූදානමින්!!!

  ලොව තොරතුරු තක්ශනය හා කටයුතු කරන ප්‍රධානතම ආයතනයක් ලෙසට ගැනෙන Apple ආයතනයේ 2014 වාර්ෂික සංවර්ධකයන්ගේ හමුව මේ වන විට ඇර බෙන්නට ඇත්තේ සුලු කාලයක් පමනී. මෙවර  Apple හි  WWDC 2014 හමුව දෙසට හදාරන්නන්ගේ දැඩි අවධානයක් යොමුව ඇති අතර ඔවුන්ගේ වැඩි බලාපොරොත්තුවක් තබා ඇත්තේ මෘදුකාංගමය වෙනස්කම් අතින් මෙම මෙවර හමුව වඩාත් කැපී පෙනෙනු ඇති බවයි. බොහෝ නව යාවත්කාලීන ප්‍රමානයක් සමග Apple ආයතනය OS X සමග මෙන්ම iOS තුලට වඩාත් සිත්ගන්නා සුලු වෙනස් කම් රාශියක් ‍රැගෙන එනු ඇති බවටයි අනාවැකි පල වෙමින් ඇත්තේ. 
                  නොනිල ලෙසට දැනට පලවන තොරතුරු හෙලිකර සිටින්නේ Mac OS X සදහා නව flat ආකාරයේ පෙනුමක් පැමිනෙන්නට නියමිත අතර නව OS X හා iOS අතර පෙනුමෙහි වඩාත් සමාන බවක් ගන්නා බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා. එහිදී OS X සදහ නව  dock, Control Centre හා notifications pane එකක් පැමිනීම බලාපොරොත්තු වෙනවා.මේ අතර යූක්ක්‍රේනය මූලික සමාගමක් විසින් i phone සදහා  intelligent case එකක් නිකුතුවට සුදානම් බවට ප්‍රකාශවන අතර එහිදී දුරකථනය වෙතට ඇමතුමක් හෝ Text පනිවිඬයක් පැමිනෙන්නට පෙරම ඒ පිලිබදව භාවිතාකරන්නා වෙතට දැනුම්දීමක් සිදුවන ආකාරයට එය ක්‍රියාත්මක බවටයි සදහන් කරන්නේ. මෙම දුරකථන කවරයේ පි‍ටුපස මුහුනත ඔස්සේ සිදුවන මෙම icon lights දැල්වීමෙන් කෙරෙන දැනුම් දීම සදහා දුරකථනය තම ජාලය සමග වන සබදතාවය ඔස්සේ වන excess energy වලින් මෙම ක්‍රියාත්මක වීමට හැකිවන ලෙසට එය නිමා ඇති බවටයි එම ආයතනය පවසන්නේ. තවමත් මෙම  පහසුව iPhone 5, 5S හා 5C සදහා පමනක් සූදානම්ව පැමිනෙන්නට නියමිත මුත් ඉදිරියේදී වැඩි පහසුකම් සමග වැඩි සංස්කරන ප්‍රමානයක් සමග ක්‍රියාත්මක වන්නට සූදානම්ව නිකුත්කරන්නට බලාපොරොත්තුවන බවටයි එම ආයතනය පවසන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...