2014-07-03

පරිගණකයේ මෙහෙයුම් පද්ධතියතුල වන ඔබගේ ගිණුමද වැදගත් සාධකයකි....

  ඔබට මුලින්ම හමුවන්නේ ඔබ ඉදිරියේ ඇති පරිගණකයයි. එය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව හමුවන්නේ මෙහෙයුම් පද්ධතිය හා අනතුරුව ඔබ එම පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය තුල භාවිතාකරන ගිනුමයි. සාමාන්‍ය මට්ටමේ භාවිතාවේදී මෙම ගිනුම පිලිබදව එතරම් සංවේදී නොවීම දක්නට හැක. එහෙත් එය ඔබගේ එම පරිගණක භාවිතාව පිලිබදව ඔබ සිතනවාට වඩා කල්පනා කාරීවීම වැදගත් බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ. හුදු වෙබ් අඩවියකට ගොඩවීම තොරතුරක් සොයා යාමට වඩා යමක් එම පරිගණකයත් සමග ඔබ කරන්නේනම් වඩාත් කලපනාකාරී හැසිරීමත් සමග එබගේ පරිගණකයේ තැන්පත්ව ඇති ඔබගේ තොරතුරු වලට නිසි ආරක්ශාව ලබා ගැනීමේදී මෙන්ම අනවශ්‍ය ලෙසට ඒවා අස්ථාන ගත වීමට මෙන්ම වෙනත් භාවිතකරන්නෙකුට විවෘත වීමට අවස්ථාව ලැබීම වලකා ගන්නට හැකි වනු ඇත.
                                සාමන්‍යයෙන් ඔබගේ පරිගණකය භාවිතාකරන්නේ ඔබම පමනක් විය හැක. එහෙත් අත්වැරදීමකින් එය කාලතුරකින් හෝ විවෘතවීම වැලකීම ඔබට වැදගත් වනු ඇත. සමහර විටක ඔබ මනස යෝජනා කරනු ඇත්තේ නීති විරෝධී හෝ සංස්කෘතික විරෝධී දේ සදහා ඔබගේ පරිගණකය භාවිතානොකරන බැවින් ඉන් අනතුරක් නොවිය හැකි බවකි. එහෙත් බ්‍රවුසරය තුල තැන්පත්ව ඇති ඔබ නෑවත නැවත යාමට ප්‍රියකරන වෙබ් අඩවි ලිපිනයන් මැකීයාම , විවෘතව ඇති ඔබගේ ඊමේල් ලිපිනය ඔස්සේ ඔබගේ හිතවතෙකුට විසුලු සහගත ඊමේලයක් යැවීම , සමහර විටක පරිගණකයට හානිවන ආකාරයේ යෝ ඔබට කරදරයක් වන ආකරයේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීම වැනි බොහෝ දේ අනවසරයෙන් එය වෙත පිවිසෙන වෙනත් භාවිතාකරන්නෙකු අතින් සිදුවිය හැක. මෙම ස්වභාවය මෙසේ වන සරල අවස්ථාවල සිට පරිගණකයේ ඇඩ්මිනිස්ට්‍රේටර් බලය භාවිතාවෙමින් ආසාධිත මෘදුකොටසකට එය මත ස්ථාපනයට අවස්ථාව ලැබීම දක්වා විවිධ ආකරයෙන් විය හැක.එසේම එසේ ස්ථපනය වී ඇති හානිකරයකට මෙහෙයුම් පද්ධතිය මතට අනවශ්‍ය වෙනසක් කිරීමේ හැකියවද මෙම ගිනුම් කල්පනාකාරීව හැසිරවීම තුල වලකා ගන්නට ඔබට හැකි වනු ඇත,
                 මෙසේම භාවිතාකරමින් සිටින පරිගණකයෙන් සීමිත කාලයකට ඉවතට යන විට නිශ්චිත කාලයකින් ස්වංක්‍රීයව එය ලොක් වීමට සැකසුම් සකස් කර තිබීම මෙන්ම අවශ්‍ය නම් මැනුවලි එය ක්‍රියාත්මක කරන්නට කටයුතු කිරීම ඔබගේ කාර්යාල යේදී හෝ වෙනත් ස්ථනයකදී පවා වැදගත් වනු ඇත. හදාරන්නන් යෝජනා කරන්නේ අන්තර්ජාලයට සම්බන්දිතව භාවිතාවකින් තොරව පරිගණකය නිදහස්ව මුත් ක්‍රියාත්මකව තැබීම කලාතුරකින් මුත් පහරදෙන්නෙකුට ඉලක්ක වීමට වැඩි අවස්ථාවක් ලබා දෙන බවයි. 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...