2014-07-03

සැබවින්ම එය විසල් අවකාශයකි.

  සැබවින්ම එය විසල් අවකාශයකි. ගෙවෙන මේ නිමේශය සැලකුවද  එය ලොවපුරා දහස් ගනනක් වන ආයතන තුල ලක්ෂ ගනනක් වන මිනිස් සහභාගීත්වය සමග ඩොලර් අපමන ප්‍රමානයක ආයෝජනයෙන් ඔස්සේ මිනිස් බුද්ධියේ තාර්කික හැකියා හා ගනන රටා හැකියා මුසු කරමින් ඉදිරියට දිවෙන්නකි. එයට ඔබගේ ජීවිතයට පිවිසිය හැකි අවකාශයන් අනෙකුත් බොහෝ විෂයන් වලට වඩා ඉමහත්ය. විටක ඔබගේ විනෝද ජීවිතය වඩාත් උත්කර්ෂවත් කරන එය තවත් විටක වෘතීය ජීවිතයේ නැතුවම බැරි සගයෙකු බවට පත්වේ. මේ බව සමාජ ජීවිතය මෙන්ම සෞක්‍ය ජීවිතය වෙතටද නො අඩුව බලා පාමින් සිටී.
                                                                 තොරතුරු තාක්ශනලෝකය වෙතට චෝදනාද අපමනය. එය විශ්ව භාශාවක් වීම අයෙකුට අපහසුවක් වෙයි. මිනිස් වර්ගයාගේ ආරම්භයේ සිටම ඔවුන් අතර සිට ගත් විසල් අකාරුනික සාධකයක් එය විසින් අභියෝගයට ලක් කර ඇත. විසල් සමුදුර මෙන්ම  ගිරිදුර්ග නොසල කමින් එය මිනිසා එකි නෙකා යාකරන්නට කටයුතු කරයි. විවිධ ආගමික දේශපාලනික ස්වරූපයන් ශත වර්ශ ගනනක් තිස්සේ හැදී වැඩුනු සමහර සාධක එය විසින් නොසලකා හැරීම අයෙකුට අපහසුවක් ‍රැගෙන ඒමක් වීම නොසලකා හැරිය නොහැක. එහෙත් එය ජය ගතයුතු අභියෝගයක් වනවා විනා මගහැරිය යුතු කාරනයක් කර ගැනීම ප්‍රශ්නය කල් දැමීමකි. සැබෑ ඩිජිටල් පුරවැසියා තවමත් පාසැලේය. ලොව අපූර්ව කරන තම සංස්කෘතික අනන්‍යතා ‍රැකගනිමින් ඉදිවෙමින් ඇති නව ලෝකයට ගැලපෙන අනන්‍යතාවයන් ගොඩ නගා ගැනීමේ පෘතුවි වැසියාගේ මීලග අභියෝගය ඔවුන් මනා ලෙස හසුරවා ගනු ඇති බවට බලපොරොත්තුවිය හැක.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...