2014-08-07

CryptoLocker සදහා විසඳුමක් පැමිනේ!!!

   CryptoLocker යනු 2013 වසරේදී දැඩි අවධානයක් ලබා ගත් ransomware  ආකාරයේ හානිකරයක් වූවාය. ගොදුරුවන්නාගේ පරිගණකයේ ගොනු අනවසරව encrypt කිරීමක් ඔස්සේ ඇරබෙන මෙම හානිකරය සදහා යොදා ගනු ලබන්නේ  AES-256 bit encryption ආකාරයේ ක්‍රම වේදයකි. හානිය ලබන්නා හට මෙම ගැටලුව නිරාකරනය සදහා අවශ්‍යවන decryption key එක ලබා ගැනීම සදහා ඩොලර් 300ක වටිනා කමක් ඇති බිට්කොයින් ඉල්ලා සිටින අතර අදාල ගෙවීම නොකලවිට හානියට පත් ගොනු කිසිදිනක යතාතත්වයට පත්වීම සිදු නොවීමේ අනතුරට මුහුන දීම සිදුවිනි.
                Fox-IT හා FireEye ආයතනයන්ගේ හදාරන්නන් විසදුමක් නැති ගැටලුවක් සේ පිලිගෙන තිබූ මෙම අභියෝගයට විසදුම් සොයායන්නට ගත් උත්සාහය "Operation Tovar." ලෙසට නම් කරනු ලැබීය. ඔවුන් ලබා ගත් විසඳුම decryption assistance website එක ඔස්සේ නොමිළේ ලබා ගන්නට හැකි වන ලෙසට එලිදක්වා ඇති අතර එහි සේවාව ලබන්නට කැමති වන්නන් තම ආසාධිත ගොනු එම අඩවිය ඔස්සේ upload කරන්නට අවශ්‍ය වන අතර අදාල private key විසඳුම ඊමේලයක් ඔස්සේ ඔහුට ලබා ගන්නට හැකිවන බවටයි පැහැදිලි කරන්නේ. අදාල ගොනු රදවා ගැනීමක් සිදු නොවන බවට ඔවුන් සහතික වන අතර නවතම CryptoLocker සමහර සංස්කරන සදහා තවමත් මෙම ක්‍රම වේදය අදාල නොවන බවටත් පවසා සිටිනවා.
https://www.decryptcryptolocker.com/

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...