තොරතුරු අවකාශය තුල හුවමාරු වන දෑ වල සුරක්ශිත භාවය පිලිබදව මෑත කාලීනව මහත්සේ ප්‍රශ්න කෙරින. රාජ්‍යමට්ටමින් තොරතුරු රැස්කිරීම මෙන්ම ආයතනික මට්ටමින් තොරතුරු රැස්කිරීම පිලිබදව නෙක අයුරින් චෝදනා නන්දෙසට එල්ලවීම බහුලවම සිදුවිනි. මේ වන විට yahoo හා google ආයතනයන් දෙක එක්ව නව වඩාත් සුරක්ශිත email සේවාවක් ඇරබීම පිලිබදව කටයුතු කරමින් සිටීන බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා. PGP එනම් ඊමේල් හුවමාරු කරගන්නන්ගේ උපාංග මතදීම encryption keys තැන්පත් වන මෙම ක්‍රමවේදය තුලදී එම ඊමේල් සේවා සපයන සර්වරයන් මතදීවත් ඒවා නිරාවරනය නොවන අතර භාවිතාකරන්නාහට වඩාත් විස්වාශය තැබිය හැකි සේවාවක් මේ තුලින් ලබා දෙන්නට හැකිවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එහෙත් මෙම ක්‍රම වේදය තුලදී password reset හැකියාවක් නැති වීම මෙන්ම වඩාත් කුඩා Email සදහා පමනක් හැකිවීම වැනි සීමා ජය ගැනීම සදහා මෙම ආයතන දෙකෙහි හදාරන්නන් එක්ව කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු හෙලි වන්නේ. එලබෙන වසරේ දී අවසන් කිරීමේ ඉලක්කයක් ඇතිව සිදුවන මෙම ව්‍යාපෘතිය පිලිබදව විවිධ ආකාරයේ පක්ෂ මෙන්ම විපක්ෂ මත වාද පලවෙමින් ඇති අතර පසුගිය කාලයේ google වෙතින් සිදුවූ යහපත් කරුනු දක්වීමක් ඔස්සේ නීතියට අපරාධකරුවෙකු හමුවීම වැනි කාරනා හමුවේ තත්වය වඩා විවාදාත්මක වී ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...