browserයනු පරිගණකයක වැඩිම භාවිතාවක් ලබන මෘදුකාංගයකි. වේගය , ආරක්ශාව වැනි තීර්නාත්මක සාධක ඔස්සේ නිර්නය වෙමින් භාවිතයට පැමිනෙන බ්‍රවුසරයක හැකියාව මේ වන විට හුදු වෙබ් පිටුවක් විවෘතකරදිම ඉක්මවා බොහෝ දුරට විහිදී ඇත. බහුල භාවිතාවක් ලැබීම අනෙක් අන්තයේදී බහුල ඉලක්ක ගතවීමකි යන්න යලිත් සත්‍ය කරවමින් පලවන නවතම වාර්ථාවක් පවසන්නේ IE යනු 2014 මුල් භාගයේදී වැඩිම හානිකර ප්‍රමානයකට විවරවූ බ්‍රවුසරය ලෙසට ගනනය වන බවයි. 2013 වසර හා සසදමින් ගොඩනගන ලද දෘශ්‍ය සටහනක් මත Office , Adobe Reader , Adobe Flash , Oracal Java , Google Crome, Mozilla Firefox වැනි අනෙකුත් බහුල ඉලක්කගතවන මෘදුකාංග කිහිපයකටම සසදමින් ඉදිරිපත්වන මෙම සටහනට අනූව IE හි මෙසේ කැපී පෙනෙන හානිකරයන් සදහා විවෘත වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරමින් සිටිනවා. මේ පිලිබදව පැහැදිලි කරමින් පැවසෙන්නේ තවමත් IE6 වැනි පැරනි සංස්කරන භාවිතය මෙන්ම යාවත්කාලීන නිකුත්වීම අවසන්ව ඇති XP ඔස්සේ පැමිනිය හැකි හානිකර බව මෙසේ ගනනය ඉහල අගයක් ගන්නට හේතුව ලෙසට සැලකිය හැකි බවයි. මීට අමතරව උපදෙස් ලැබෙන්නේ වෙබ් අඩවි අතර සැරීමේදී සමහර වෙබ් අඩවි යෝජනා කර සිටින add-on හෝ යම් මෘදුකාංග කොටස් ස්ථාපනයෙන් වැලකී සිටීම ඉතා වැදගත් වනු ඇති බවකි. මීට අමතරව හොඳ මට්ටමක ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපනය කොට තබා ගැනීමේ අවශ්‍යතාවයද අවධාරනය වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...