2014-08-13

'August Update' කැපී පෙනෙන වෙනසක් ගෙනවිත් නැත...

  හදාරන්නන්ගේ දැඩි අවධානයක් ලබා සිටි 'August Update' for Windows 8.1 යාවත්කාලීනය මේ වන විට නිකුත්ව ඇති අතර  ප්‍රධාන ගනයේ වෙනසක් නොගෙනෙන ලද යාවත්කාලීනයක් ලෙසට එය විචාරනය වෙමින් තිබෙනවා. Start මෙනුවේ නව සංස්කරනයක් පවා මෙම යාවත්කාලීනය සමග පැමිනීමේ බලාපොරොත්තුවක් වූ අතර නවාංග කිහිපයක් එයත් සමග පැමිනෙන්නට ඉඩ ඇති බවට බලාපොරොත්තුව වූ මුත් එසේ නොවූ අතර වසර අවසානයේ පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන වින්ඩෝස් වල මීලග සංස්කරනයේ  පෙර නිකුතුව සමග එම පැමිනීම් වනු ඇති බවට මේ වන විට බලාපොරොත්තුව වන්නේ. Microsoft ආයතනය පැහැදිලි කොට සිටින්නේ මෙම යාවත්කාලීනය සමග touchpad භාවිතයට වඩාත් නිවැරදි වන යාවත්කාලීනයක් , Wi-Fi භාවිතාවට දියුනු කිරීමක්  සමග SharePoint Online භවිතාවට පහසුකිරීමක් පැමින ඇති බවයි.
                 නව යාවත්කාලීනය ලබා ගැනීමෙන් අනතුරුව Modern app මුහුනත් සමග   taskbarවල නිරන්තර ‍රැදී සිටීමක් දක්නට ලැබෙන බවට සමහර භාවිතාකරන්නන් අත්දකිමින් සිටින බවට වාර්ථාවන අතර තවමත් Microsoft වෙතින් මේ පිලිබදව පැහැදිලි කිරීමක් සිදුව නැති අතර මෙම යාවත්කාලීනය ස්වංක්‍රීයව මාසික යාවත්කාලීන රටාවට ඔස්සේ ලබා ගන්නට හැකි වනු ඇති බවටයි වාර්ථා වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...