අවසාන දින කිහිපය වන විට නැගෙමින් තිබූ අපහසු බව මකා ගන්නට මෙන් වරක් මා තැබූ දින සටහන් මතකය. එය නම් "කාලය සාපේක්ශ බවට නම් දැන් මාහට කිසිදු සැකයක් නැත. මා මේ නගරයට පැමිනි මුල් දින වල විවේකී දිනයන් ගතකර ගන්නට නොහැකිව විටක කිහිපවරක් නගරයේ වීදී ඔස්සේ එක් කෙරවලක සිට අනෙක් කෙරවල දක්වා ඇවිද ගිය කාලයක්ද විය. ඒකාකාරී මත්පැන් හලවල් නිෂ්පල උත්සාහයන් බව ඉක්මනින්ම හැගිනි. දරුනු හුදකාලාවකට මැදිව උද්‍යානයේ කෙරවලක ලී අසුනක් මතට වී ඉදිරියෙන් ගලා යන ගංගාවේ නැගෙන සිහින් දිය රල මනින්නට තැත් කරමින් සිටින කලක අහබු ලෙස හමුවූ අපූරු තරුනියක සියල්ල වෙනස් කර දමන්නට හැකිව ඇත. නගරයේ සෙවය කරමින් සිටින වෛද්‍යවරියක වූ ඇය කැපී පෙනෙන මහත් රූමත් එකියකද නොවූවාය. නමුත් ඇය ක්‍රියාශීලී , ප්‍රසන්න ගති පැවතුම් මෙන්ම වාග් විලාශකින් යුත්ත එකියක වීමම අප නැවත නැවත හමුවන්නට වූ අවිඥානික බලකිරීමක් විය. ඒ සිදුවීමේ මුල් භාගයේදීය. මැද භාගයේදී හැදෑරීම් ප්‍රිය අප දෙදෙන තොරතුරු තාක්ෂණය හා එමින් ඇති ජීවි විද්‍යාත්මක තලයන අතර වන එකගතාවයන් ගැන හැදෑරීම් සටහන් පෙලකට පවා පෙලබිනි.අවසාන භාගය දැන් පැමින ඇත. මෙහි පැමිනි මුල් කාලයේ අප අතරින් ගලා යමින් තිබූ කාල යාන්ත්‍රනය කිසිවෙකු විසින් වෙනස් කර ඇද්දැයි සැක සිතෙන තරම්ය. බොහෝ සෙයින් ඈලි මෑලිව නැග බැස ගිය හිරු මෙතරම් ජව සම්පන්න වූවේ කෙසේදැයි මම මගෙන්ම විමසමින් සිටින්නෙමි"
Pubudu Siriwansa