Google යෝජනා කරන්නේ තමන් යනෙන වෙබ් අඩවි වෙතට කෙලින්ම ආධාර කිරීමේ ක්‍රමයක් යටතේ එම වෙබ් අඩවි සමග එන විටක කරදරකාරී ස්වරූපයක් ගන්නාවෙළඳ දැන්වීම් block කර දීමේ වැඩසටහනක් තමන් හඳුන්වා දෙමින් ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ තම Google Contributor subscription service ඔස්සේ මාසිකව ඩොලර් 1-3 අතර ප්‍රමානයක් ගෙවීමෙන් තමන් ප්‍රියකරන වෙබ් අඩවි පවත්වාගෙන යන්නට දායක විය හැකිවා මෙන්ම ඒව සමග එන විටක කරදරකාරී පවා වන වෙළඳ දැන්වීම් වලින් තොරව ඒවා වෙතට යාමේ හැකියාව ලැබෙනු ඇති බවය. මෙම වැඩසටහන අයත් වනවෙබ් අඩවි වෙතට පිවිසෙන්නන්ට එහි වූ වෙළඳ දැන්වීම් වෙනුවට “thank you” පනිවිඬයක් සමග pixilated panelයක් දර්ශනය වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එම දායක වන්නා ගෙවන ලබන මුදලින් කොටසක් සේවා ගාස්තු ලෙසට අයකරමින් ඉතිරිය එම වෙබ් අඩවි වෙතට ගෙවන්නට ආයතනය සැලසුම් කරමින් සිටින අතර ඒ ඔස්සේ වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේදී වන වියදම් පියවා ගැනීමට එම අඩවි පවත්වාගෙන යන්නන්හට හැකි වනු ඇති බවටයි Google ආයතනය බලාපොරොත්තුව වන්නේ. දැනට ප්‍රධාන පෙලේ වෙබ් අඩ්වි කිහිපයක් තම වැඩසටහන සමග එක්ව ඇති බවටත් එම ආයතනය පවසා සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...