Microsoft වල ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය සදහා දැනට නිකුත්ව ඇති Technical Preview පෙලෙහි මීලග සංස්කරනය තමන් නිකුත්කර ඇති බවටයි නිවේදනය වන්නේ. (Windows 10)Technical Preview build 9879 ලෙසට නම් වන මෙම සංස්කරනය Windows Update ඔස්සේ ලබා ගන්නට හැකිව පවතින බවටත් ඔවුන් ප්‍රකාශකර සිටිනවා. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නෙ නව සංස්කරනය සමග දුර්වලතා කිහිපයක්ද වන බවයි. ඒවා අතර black screen මෙන්ම සමහර පද්ධති සදහා disk growth ප්‍රමානය 20GB දක්වා අවශ්‍ය වීම සහ අදාල app minimized කිරීමේදී Skype ඇනහිටීම මෙන්ම Music ධවන ඇනහිටීම ඇතුලු කිහිපයක් වන බවට හෙලිවෙනවා. මෙම දුරවලතා සදහා පිලිසකර කඩිනමින් පැමිනෙනු ඇති බවටත් ඔවුන් පවසනවා. නව සංස්කරනය සමග වන අංග අතර පෙරදී පැමිනි Task Bar වල වන Search හා Task View buttons අවශ්‍යනම් Hide කිරීමේ හැකියාව දැක්වෙනවා. එසේම නව trackpad gestures කිහිපයක්ද වනවා. පෙර බලපොරොත්තු වූ පරිදි Windows Media Player ඔස්සේ MKV ගොනු ධාවන හැකියාවද වන බවටයි දැක්වෙන්නේ. මෙම නිකුතූන් භාවිතයෙදී තමන්ගේ ප්‍රධාන පරිගණකය භාවිතයෙන් වැලකී සිටීම හිතකර වනු ඇති බවට Microsoft ආයතනය පැහැදිලිව දක්වා ඇත්තේ තවමත් ස්ථීර අවසන් මට්ටමේ සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන සංස්කරනයක් තමන් නිකුත්කර නොමැති බැවින් බවටයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...