2013-11-29

වින්ඩෝස් 7 ස්ථාපනයට Pen Drive එකක් සකසා ගනිමු.

  අලුතින් මිළදී ගන්නා සමහර පරිගණකවල දී DVD තැටියක ආකාරයෙන් මෘදුකාංග ස්ථාපනයට DVD ධාවකයක් නොතිබීම සමහර විටක දැකිය හැකිය.මෙවන් අවස්ථාවලදී අවශ්‍ය විටකදී වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය පරිගණකය වෙත ස්ථාපනය කර ගන්නට අනුගමනය කල හැකි එක් විකල්ප ක්‍රමයක් වන්නේ Pen Drive එකක හරහා එය සිදුකර ගැනීමයි.මේ සදහා 4GB ට ඉහල pen drive එකක් තොරා ගත යුතුය.
                                    මේ සදහා පලමුව windows command Prompt එක හරහා Pendrive එක සූදානම්කර ගැනීමට අවශ්‍ය වන අතර ඒ සදහා Start මෙනුව ඔස්සේ මෙසේ ගමන්කල හැක. START>ALL PROGRAMS> ACCESSORIES>COMMAND PROMPT>-right click- RUN AS ADMINISTRATOR වන්නේ එම පිලිවලයි. ඉන්පසුව එම command prompt වල C:\Users\User\DISKPART ලෙසට සටහන් කල යුතුය.ඉන් අනතුරුව දැනට පරිගණ්කය හා සම්බන්දව ඇති Disk List එකට පිවිසීම සදහා DISKPART>LIST DISK ලෙසට සටහන් කිරීමෙන් අනතුරුව දැක්වෙන ගොනුවෙන් අවශ්‍ය pen drive ඩිස්ක් එක තොරා ගන්න.එම තොරාගත් ඩිස්ක් එක DISKPART> SELECT DISK 1 ලෙසට සටහන් කරන්න. ඉන් අනතුරුව DISKMART> CLEAN ලෙසට සටහන්කර අනවශ්‍ය ගොනු ඉවත්කිරීමට කටයුතු කරන්න. ඉන් අනතුරුව ලැබෙන DiskPart succeeded...... ලෙසට  වන පනිවිඩයෙන් අනතුරුව  DISKPART>CREATE PARTITION PRIMARY ලෙසට සටහන් කොට අනතුරුව DISKMART> SELECT PARTITION ACTIVE ලෙසට සටහන් කොට එය සංක්‍රීය කරගත යුතුයි.
               මින් අනතුරුව තොරාගත් පෙන් ඩ්‍රයිව් එක format කිරීම සදහා DISKPART> FORMAT FS=NTFS ලෙසට සටහන් කොට ෆෝර්මැට් ක්‍රියාවලිය සම්පූර්න වන තෙක් සිටිය යුතුය.අනතුරුව DISKPART > ASSIGN ලෙසට සටහන් කිරීමෙන් drive letter ලබා දෙන්නට කටයුතු කල යුතු අතර අනතුරුව DISKPART> EXIT ලබාදිය යුතුය. අනතුරුව ඔබගේ DVD drive එකට අදාල drive letter එක - මෙහිදී D ලෙසට- සමග පහත දැක්වෙන ලෙසට සටහන් කරන්න. C:\Users\User; D: CD BOOT සටහන් කිරීමෙන් අනතුරුව පැමිනෙන D:\> CD BOOT වලින් අනතුරුව
D:\BOOT> BOOTSECT.EXE/NT60 H     (H යනු පෙන් ඩ්‍රයිව් වල  letter එක වේ) අනතුරුව EXIT සමග command promp වලින් ඉවත්ව DVD තැටියේ වන සියලු ගොනු pen drive එක වෙතට kopy කරගන්න.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...