2013-12-02

වෙබ් බ්‍රවුසර තරගය........

  Internet Explorer 11 වෙබ් බ්‍රවුසරය නිල නිකුතුව සිදුවූවේ පසුගිය ඔක්තෝබරයේය.එය windows 8.1 මෙගා යාවත්කාලීනයට සමාන්තරව සිදුවිය.එයට ඔක්තෝබරයේ ලොව වෙබ් බ්‍රවුසර භාවිතාවෙන් හිමිකර ගන්නට හැකිවූවේ සියයට 1.49ක භාවිතාවකි. නොවැම්බරය වන විට එයට ලොව වෙබ් බ්‍රවුසර භාවිතාවෙන් සියයට 3.27 ක භාවිතාවක් දිනා ගන්නට හැකිව ඇති බවටයි පලවන නවතම වාර්ථා පවසන්නේ.Internet explora 8 තවමත් බහුල භාවිතාවක් ලබන වෙබ් බ්‍රවුසරයේ ස්ථාවරය ‍රැක ගනිමින් සිටින්නේ 21.76%ක භාවිතාවක් ලබමින් වන අතර 17.50% ක භාවිත ස්ථාවරයක් සහිතව IE 10 දෙවන ස්ථානයේ පසුවනවා. ෆයර්ෆොක්ස් 25 සංස්කරනය 10.43% භාවිතාවක් ලබමින් තෙවන ස්තානයේ ‍රැදෙන්නට හැකිව ඇති අතර IE9 9.25% භාවිතයක් ලබමින් හතරවන ස්ථාවරයේ සිටිනවා.එම වාර්ථාවට අනූව Chrome 31 බ්‍රවුසර සංස්කරනය 6.77 % භාවිතාවක් ලබමින් පස්වන තැන සිටින බවයි.
                                  සමස්තයක් ලෙස IE සංස්කරන 58.36% ක භාවිතාවක් සමග ප්‍රථමස්ථානයේ වන බවට වාර්ථාවන අතර Firefox  සංස්කරන 18.54ක් ලබමින් දෙවන තැනත් ක්‍රෝම් සංස්කරන 15.44 ක් සමග තෙවන තැන හිමිකරගෙන ඇති බවට වාර්ථා පවසනවා.

AI මූලික Search Engines

AI වෙතට වන වන අවධානය නෙක තොරතුරු අවකාශ මත කැපී පෙනෙමින් තිබේ. search engine වලට AI සංයුත්ත වීම් ක්‍රමයෙන් අවධානය ලබා ගන්නා කරුනක් වෙමින් ඇති...