2013-10-10

වින්7 වෙතට එන පැරනි යාවත්කාලීන ඉවත්කරන්නට සහය යාවත්කාලීනයක්

  මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය නිල ලෙස පවසා නොමැති වුවද තම වින්ඩෝස් 7 සදහා දෙවන සර්විස් පැක් එකක නිකුත්කිරිමේ කිසිදු සූදානමක් පල නොවන වටපිටාවක් තුල පලවන නවතම පුවතක් පවසන්නේ මයික්‍රසොෆ්ට් සමාගම තම වැඩිම භාවිතාවක් ඇති මෙහෙයුම් පද්ධතියවන වින්ඩෝස් 7 නොසලකා හැරීමේ සූදානමක්ද නොමැති බවකි.මෙම සතියේ ආයතනය විසින් නිකුත්කර ඇති වින්ඩෝස් 7 යාවත්කාලීනයක් සමග සාමාන්‍ය යාවත්කාලීන සමග ඇහිරී ඇති දෘඩතැටියේ යම් ප්‍රමානයක වන පැරනි යාවත්කාලීන ඉවත්කරන්නටද භාවිතාකරන්නන්හට පහසුව ලබා දෙන බවකි හෙලිවන්නේ. වින්ඩෝස් 7 නිමව ඇති ක්‍රමය අනූවම නව සර්විස් පැක් එකක් පැමිනි විට එය ස්ථාපනය සමග එම ෆෝල්ඩරයේ පිරී ඇති විටින් විට නිකුත්වූ තවදුරටත් අදාල නැති යාවත්කාලීන ගොනු ඉවත්කිරීමට අවස්ථාව ලැබීම සිදුවනු ලබනවා. 2009දී නිකුත්වූ වින්ඩෝස් 7 සදහා නිකුත්ව ඇත්තේ එකම සර්විස් පැක් එකක් වන අතර ඒතැන් පටන් විටින් විට එක්වූ යාවත්කාලීනයන් සමග ඇහිරී ඇති වින්ඩෝස් 7 පරිගණක වල දෘඩ තැටිවලට මෙම නිකුතුව සහනයක් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.සාමන්‍ය Windows Update එකක් ලෙසට ලබා ගත හැකි මෙම යාවත්කාලීනය "Important" මට්ටමේ එකක් ලෙසටයි එම ආයතනය වර්ගීකරනය කර ඇත්තේ.
http://support.microsoft.com/kb/2852386

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...