2013-11-11

IE 7,8,9,10 ට බල පාන නව ආරක්ශක දුර්වලතාවයක්

  හෙටට නියමිත මාසික යාවත්කාලීන නිකුතුවත් සමග දැනට හදුනා ගෙන ඇති ආරක්ශක දුර්වලතා කිහිපයක් සදහාම පිලිසකර ගෙන ඒමට මයික්‍රසොෆ්ට් ආයතනය සූදානම් වෙමින් සිටියදී ආරක්ශක මෘදුකාංග පිලිබදව කටයුතු කරන අයතනයක් පවසන්නේ තමන් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා(IE) හි 7,8,9, හා 10 සංස්කරන සියල්ලම සදහා බලපාන ආකාරයේ බ්‍රවුසර දුර්වලතාවයක් හදුනා ගෙන ඇති බවකි.වින්ඩෝස් XP මෙන්ම 7 මෙහෙයුම් පද්ධති දෙකම සදහා විවෘත මෙම දුර්වලතා දෙයාකාරයකට ක්‍රියා කරමින් PC memory  වෙත අනවසරයෙන් පිවිසෙන්නට මෙන්ම අනෙක් දුර්වලතාවය සමග පරිගණකයේ system information පැහැර ගැනීමට සමත්වනු ඇති බවටයි හෙලිකර සිටින්නේ.
         දැනටමත් පහර දෙන්නන් විසින් භාවිතාකරමින් සිටින බවට සැලකෙන මෙම zero-day ආකාරයේ දුර්වලතා පිලිගත්මට්ටමේ වෙන් අඩවි කිහිපයක් ඔස්සේ භාවිතාකරන්නන් වෙතට මුදා හරින්නට ඔවුන් උත්සාහ කරමින් සිටින බවටයි පැවසෙන්නේ.දැනට හදුනාගෙන ඇති දුර්වලතාවලට වඩා වෙනස් ආකාරයේ දුර්වලතාවයන් ලෙසට හෙලිවන මෙම නව හෙලිකිරීම් පිලිබදව තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය නිල ලෙස කිසිවක් හෙලිකොට නැත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...