2012-11-22

ෆයර්ෆොක්ස් නව සංස්කරනයක් නිකුත්වේ.....


මොසිල්ලා ආයතනය තම ෆයර්ෆොක්ස් බ්‍රවුසරයේ නව සංස්කරනය නිකුත්කරනු ලැබුවා. ෆයර්ෆොක්ස් 17 ලෙසට නම් වන මෙම නව සංස්කරනය පෙර හදුනාගෙන තිබූ ආරක්ෂක දුර්වලතා 29 පමන සදහා පිලිසකර කිරීම් සහිත වන බවට පැවසෙන අතර  ඉන් තුනෙන් දෙකක් පමන අතිශය වැදගත් මට්ටමේ ආරක්ශක දුර්වලතා ලෙසට ශ්‍රේනිගතව තිබූ ඒවා ලෙසටයි සටහන් වන්නේ. එසේම ඉදිරියේ පහසුවෙන් සමාජ ජාලා සමග කටයුතුකිරීමේ හැකියාව ලබා දෙමින් බ්‍රවුසරය මතට සමාජජාල සබදතා ගෙන ඒමට අදාල දියුනු කිරීම් මෙම  බ්‍රවුසරය සමග නිකුත් වන බවට ආයතනය පවසන අතර එහි ආරම්භක පියවරක් ලෙසට ෆේස්බුක් සමාජ ජාලාවේ චැට් පහසුව හා යාවත්කාලීනයන් ලබා ගැනිමෙ අපහසුව මෙම සංස්කරනය සමග වන බවටයි ඔවුන් පවසා සිටින්නේ.
                                     එසේම නව ආරක්ශක උපාංගයක් ලෙසට කල් ඉකුත්වූ සංස්කරන වලකාලීමේ හැකියාවක් නව සංස්කරනය සමග වන බවට ආයතනය පවසන අතර ප්ලෑෂ් ප්ලේයර් , ඇඩෝබි රීඩර් , සිල්ව ලයිට් වැනි ප්ලගීන වල නවතම සංස්කරනයන් ස්ථාපනය කර ගැනීමෙ හැකියාව භාවිතාකරන්නන් හට සංක්‍රීයම ලැබෙනු ඇති බවටයි පොරොන්දු පලවන්නේ.

http://www.mozilla.org/en-US/products/download.html?product=firefox-17.0&os=win&lang=en-US

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...