2012-11-22

"එය ඔබට පෙර ආදර්ශයක් නොවේ. නිර්මානශීලී ඔබගේ මිනිස් ස්වභාවය ටීටාවේ අනාගත සිහිනයකි."


පලමු වරට ටීටාව නිවසේ බල ප්‍රභවයකින් ශක්තිය ලබා ගැනීම සදහා අවශ්‍ය අවසරය ලබා ගැනීමට අදාල පනිවිඩය නිකුත්කරමින් කල හඬ සමග නව සිසු දිවියේ දෙවන  දිනය ආරම්භ විය.බොහෝ උපකරනයන් තම වැය සදහා අවැසි ශක්තිය ලබා ගැනීමට නිර්මානය කර තිබුනේ අතීතයේදී මෙන් ‍රැහැනක් මගින් බල සැපයුමකට සම්බන්ද කිරීම ඔස්සේ නොවීය. එම උපකරන වල ස්වභාවය අනූව නිවසේ හෝ මහ මග තැනින් තැන පිහිටවා තිබූ බලශක්ති සැපයුම් කෙවිනි වෙත යම් යම් සම්මත දුරවල සිට පෙර අවසරය සමග ශක්තිය ගබඩා කර ගැනීමේ හැකියාව පැවතුනි. බොහෝ විට මුල් අවසරය ලබා දී තිබුනේ නම් උපකරනය විසින් ස්වංක්‍රීයව ශක්ති කෙවිනියක් හදුනා ගෙන තම අවශක්ති ප්‍රමානය තෘප්තිමත් මට්ටම දක්වා නංවා ගැනීමට වැඩ සටහන් ගත කර තිබිනි.
                                             සාර්ථක දිනකට සුබ පතමින් ටීටාව දවසේ කාල සටහන ඉදිරිපත් කෙරිනි. උදෑසන අවදිවීමේ සිට රාත්‍රී දවස අවසානය දක්වා විවිධ කාරනා සදහා පිලිවලින් එම සැකසුම සකස්කර තිබුනේ පෙර දිනයේ මගෙන් ලබා ගත් සාමන්‍ය මාගේ දිනයක කාලසටහනද සැලකිල්ලට ගෙන බව පැහැදිලිව දක්නට ලැබිනි. වැදගත්ම කාරනය වුවේ එය හුදෙක්ම යෝජනාවක් පමනක් වීමය අවැසිනම් එය සංශෝදනය කරමින් වෙනස් කිරීමේ හැකියවා ලබාදී තිබිනි.සෑම හෝරා දෙකකටම වරක් හෝරා භාගයක "ඔබ මිනිසෙකු නිසා" ලෙස දක්වමින් කාලය වෙන් කර තිබිනි. ටීටාව හදුන්වා දෙමින් එහි නිර්මාතෲන් අවධාරනය කර සිටි කාරනා අතර ඉහලින්ම වූ කාරනාවක් වූවේ ටීටාව යනු කාලාන්තරයක් තිස්සේ කල මහත් අත්හදා බැලීම් රාශියකින් අනතුරුව මිනිස් බවට මින් පෙර කවරදාවත් නොවූ තරමේ සමීප හැසිරීම් දක්වන යන්ත්‍රයක් පමනී යන්නය."එය ඔබට පෙර ආදර්ශයක් නොවේ. නිර්මානශීලී ඔබගේ මිනිස් ස්වභාවය ටීටාවේ අනාගත සිහිනයකි."

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...