2012-11-09

වින්8 හානිකර මෘදුකාංග වලට එරෙහි ප්‍රතිශක්තිය සාර්තක මට්ටමක.......



වින්ඩෝස්8 පිලිබදව මයික්‍රසොෆ්ට් ආයතනය බොහෝ දෑ පොරොන්දු විය. ඒ අතර මෙතෙක් මෙහෙයුම් පද්ධතියක් සමග අත් නොවිදි ආකාරයේ ආරක්ශාවක් ගැන ඔවුන් පොරොන්දු පලකලේය. මුල් පද්ධතියටම සම්බන්දව ආරක්ශක මෘදුකාංගයක්ද භාවිතාකරන්නා වෙත එවන්නට කටයුහු කරන ලදී.
                                     බිට් ඩිෆෙන්ඩර් යනු ආරක්ශක මෘදුකාංහ සමාගම් අතර ප්‍රධානතම ආයතනයක් ලෙසට සැලකෙන අතර පසුගියදා ඔවුන් වින්8 හි හානිකර මෘදුකාංග වෙත ඇති ප්‍රතිශක්තිය  විමසන ආකාරයේ අත් හදා බැලීමක යෙදෙන ලදී. ඔවුන් විසින් මේ දින වල මෘදුකාංහ පහර දෙන්නන් බහුලව භාවිතාකරන හානිකර මෘදුකාංග 385 වින්8ට එරෙහිව යොදවන  ලද අතර ඉන් මෘදුකාංග 61 පමන මෙහෙයුම් පද්ධතියට ආසාධනය වන ලද බවටයි පවසා සිටින්නේ. ඔවුන් පැවසුවේ වින්8 සමග එක වින්ඩෝස් ඩිෆෙන්ඩර් මෘදුකාංගය හානිකරයන්ගෙන් සියයට 85 පමන වලකන්නට සමත්වූ බවයි. වින්7 සමග මෙම අත්හදා බැලීමේදී එම ප්‍රථිශතය සියයට 61 ලෙසට සටහන් වීම පිලිබදව එම ආයතනය පවසන්නේ වින්7 සමග වින්8 සමගවන දියුනු කරනලද වින්ඩෝස් ඩිෆෙන්ඩර් සංස්කරනයක් නොමැතිවීම එයට හේතුවක් විය හැකි බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...