2012-11-08

පෘතුවිය මතින් ගලා ගෙන යන දත්ත උපකරන කථාන්දරයේ නව පරිච්චේදයක් විවෘතවීමක්


............වින්ඩෝස් 8 ‍රැගෙන ආවේ කුමක්ද? සරලව කියන්නට පුලුවන් දේ තමයි ඔබගේ දත්ත උපකරනයේ මුහුනත මතට නොනවතින අන්තර්ජාල සබදතාවය. අපි දන්න්වා වින්ඩෝස් 7 වලදී පවා අන්තර්ජාලය මෙහෙයුම් පද්ධතිය මත තිබුනේ තොරාගැනීමට අවස්ථාවක් ලෙසට මිස ස්වභාවයෙන් නොවන බව.නමුත් වින්ඩෝස්8 සමග තත්වය වෙනස් වෙනවා.මෙට්‍රෝ මුහුනත මත විසිරිලා තිබෙන බොහොමයක් ටයිලයන් සජීවී අන්තර්ජාල සබදතා ඔස්සේ ක්‍රියාත්මක වෙමින් නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් ඔබවෙත වඩාත් අලුත්ම තොරතුරු ‍රැගෙන එන්නට සූදානමින් සිටින ඒවායි. යම් මෘදුකාංගයක් සමග නිර්මාණශීලී කටයුතු වලදී හැරෙන්නට සාමාන්‍ය භාවිතා කරන්නෙකුගේ භූමිකාව මතට අන්තර්ජාල සබදතාවය ලොග් ස්ක්‍රීනයට පිවිසෙන විටම ක්‍රියාත්මක වී අහවර බව හගවමින් ඊමේල තොරතුරු ඇතුලු බොහෝ දෑ ගෙනෙන්නට සූදානමින් සිටීමම ඒ බව සනාත කරනවා. එක් අතකින් ඒක මහත්සේ අමුතු කාරනාවක් නොවෙයි. මීට පෙර යුගයේ විචාරකයින් පැවසුවේ ඔබේ පරිගණකය මතට අන්තර්ජාලය නැතිවීම් ඔබේ පරිගණකය කැඩුනු එකක් බවට පත්කිරීමක් වාගෙයි කියලා නමුත් එලබෙමින් ඇති යුගයේදී පවසන්නට වෙන්නේ අන්තර්ජාල සබදතාවය නැතිවීම එම උපකරනය තවදුරටත් පරිගණකයක් බවට පත්වේවිද යන්නයි. ඇත්තටම වින්8 කියන වෙළදනාමයක් හැටියට නොවෙයි අපි සලකන්නේ.ප්‍රධාන දත්ත උපකරන මෙහෙයුම් පද්ධති වලට මීලග යුගයට පිවිසෙන්නට දුන් ආරම්භයක් ලෙස පමනයි. අනිත් අතින් අප සලකන්නේ නැහැ  ඒක මයික්‍රසොෆ්ට් සමාගමේ හුදකලාව කල වික්‍රමයක් කියලා. අපි ඒක සලකන්නේ පෘතුවිය මතින් ගලා ගෙන යන දත්ත උපකරන කථාන්දරයේ නව පරිච්චේදයක් විවෘතවීමක් කියලා පමනයි.මයික්‍රසොෆ්ට් ගූගල් ඇපල් කියන්නේ ඒ කථාදරය හැදෑරීම ප්‍රමුක කරගත් අපිට කුඩා සංකේත නාම පමනයි.......

නන්නාදුනන දේශකයාගේ දේශනයක් ඇසුරිනි
 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...