2012-11-08

මයික්‍රසොෆ්ට් ආයතනය හා 2013 වසර...


ආසන්නව සලකන විට දේවසරක නිහැඩියාවකින් පසුව මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස්8 සමග යලි දත්ත ලෝකයේ කථා බහට ලක්වෙමින් තිබේ. විචාරකයින් පවසමින් සිටින්නේ මයික්‍රසොෆ්ට් ආයතනය පරිගණක දෘඩාංග වෙළද පොලට සර්ෆේස් පරිගණකය සමග කල පිවිසුම යම් සාර්ථකත්වයක් පෙන්වන්නට නම්  2013 තෙක් සිටින්නට වනු ඇති බවකි.
                                     මයික්‍රසොෆ්ට් ආයතනය දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ තම සර්ෆේස් උපකරනයේ වින්ඩෝස් 8 ප්‍රෝ සංස්කරනය නිකුත්වන්නට වින්ඩෝස් ආර්.ටී නිකුත්ව දින 90ක් පමන ගත වනු ඇති බවකි. එය බොහෝ විට එලබෙන වසරේ ජනවාරියේ පමන සිදුවීමට ඉඩ ඇත.වින්ඩෝස් ආර්.ටී මෙන් නොව ප්‍රෝ සර්ෆේස් උපකරනය මයික්‍රසොෆ්ට් ආයතනයේ  මීලග ප්‍රධාන ඉලක්කය වනු ඇති බවටයි විචාරනය වෙමින් තිබෙන්නේ.
                                                                   ඔෆ්‍ෆිස් 2013 මෘදුකාංගය එලබෙන වසරේ මයික්‍රසොෆ්ට් ආයතනයේ ප්‍රධාන තම මෘදුකාංග ඉදිරිපත් වීම වනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ. වින්7 හා වින්8 සදහාවන එම මෘදුකාංගයේ අවසන් සංස්කරනයන් එලබෙන ජනවාරියේ නිකුත් වනු ඇති බවටත් ඇන්ඩ්‍රොයිඩ් සදහා වන සංස්කරනයක් එම වසරේ මැද භාගයේ නිකුත්වනු ඇති බවටත් මේ වන විට අනුමානයන් පලවෙමින් තිබෙනවා. ඔන්ලයිව් වැනි ආයතන ක්ලවුඩ් ආකාරයට ඔෆ්‍ෆිස් මෘදුකාංගය භාවිතාකිරීමේ හැකියාව ඇන්ඩ්‍රොයිඩ් වැනි ජංගම උපරන භාවිතාකරන්නන් හට ලාබාදුන්නාට වඩා වැඩි ප්‍රථිචාරයක් මෙලෙස එම උපකරනයටම ඔෆ්‍ෆිස් මෘදුකාංගය ස්ථාපනයට අවස්තාව ලැබීම භාවිතාකරන්නන් වැඩි කැමැත්තක් දක්වනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් තිබෙන්නේ.
                           එලබෙන වසර ගැන ඇති තවත් බලාපොරොත්තුවක් ලෙසට සර්ෆේස් දුරකථනයක් ගැන කතා බහක් මේ වන විට මතුපිටට පැමිනෙමින් තිබෙනවා. මේ වන විටත් මයික්‍රසොෆ්ට් ආයතනය තමන්ගේම දුරකතනයක් අත්හදා බලමින් සිටින බව බොහෝ දෙනාගේ විස්වාසයයි. බොහෝ විට 2013 මැද භාගය වනවිට හෝ අවසාන භාගය වන විට ස්මාර්ට් මට්ටමේ සර්ෆේස් දුරකතනයක් නිකුත්වනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...