2012-11-09

වින්8 සමග එන HP පරිගණක පහත්තල ගන්වන්න එපා -HP-

HP ආයතනය තම පාරිභෝගිකයින් වෙත කරන නිවේදනයකින් පැවසෙන්නේ තම  නව පරිගණක වින්ඩෝස් 7 වෙත පහත් තල ගැන්වීම නොකරන ලෙසයි. ඔවුන් පවසන්නේ ඔක්තෝබර 26න් පසුව ආයතනයෙන් නිකුත්වූ සාමාන්‍ය පාරිභෝගික වින්ඩෝස්8 පරිගණක වින්ඩෝස්7 සමග සහයෝගයෙන් ක්‍රියාත්මක නොවන බවයි. එසේම වින්7 සදහා ඩ්‍රයිවර්ස් හා ඇප්ලිකේශනයන් හා වින්7 මෘදු උපාංගයන් මෙම නව දෘඩාංග තලය සමග ගැටලිකාරී විය හැකි බවටයි පැවසෙන්නේ. වින්8 සමග ක්‍රියාත්මක බයෝස් මට්ටමේ ආරක්ශක මෘදු උපාංග ක්‍රියාත්මක ක්‍රීම වැනි සංකීර්න සාමන්‍ය භාවිතාකරන්නෙකු මිත්‍ර නොවන ක්‍රියාකාරකම් වෙනස් කිරීම් වැනි කටයුතු මෙසේ පහත් තල ගැන්වීමේදී අවශ්‍ය වන බවටයි ආයතනය පවසන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...