2012-11-01

වින්8 වෙත ෆේස්බුක් විරසකය පලකිරීමක්?????


මයික්‍රසොෆ්ට් ආයතනය යනු  ලොව ප්‍රධනතම මෙහෙයුම් පද්ධති ඇතුලු බහුල භාවිතාවන් ඇති මෘදුකාංග රාශියක හිමිත්වය සහිත ආයතනයකි. ෆේස්බුක් යනු ලොව බහුලතම භාව්තාවකට හිමිකම් කියන වෙබ් අඩවියක් වන අතරම විශාලතම ඉපයීමක් කරන ආයතනයක් ලෙසටද පිලිගැනෙන තැනකි.මයික්‍රසොෆ්ට් ආයතනය මෙහෙයුම් පද්ධති ලෝකයේ වෙනසක් ගෙනෙන වින්ඩෝස්8 මෙහෙයුම් පද්ධතිය  හදුන්වාදුන් අතර එහි සමහර සංස්කරනයන් සමග මයික්‍රසොෆ්ට් ආයතනයේම ඇප්ස් ස්ටෝවෙන් ලබා ගන්නා ඇප්ලිකේශනයන් හැරෙන්නට බාහිර මෘදුකාංග භාවිතයට ඉඩක් නොලැබෙන තත්වයක්ද පවතී.
                                                        වින්ඩෝස්8 හදුන්වාදීමත් සමග සයිබර් ලෝකය හා සම්බන්ද සියලුම පාහේ ආයතන තම සේවාවන් හා සම්බන්දිත ඇප්ස් මයික්‍රසොෆ්ට් ඇප්ස් ස්ටෝව වෙත යොමුකරන්නට පටන්ගෙන තිබෙනවා. පලවන නවතම පුවතකට අනූව පැවසෙන්නේ තවමත් ෆේස්බුක් ආයතනය මයික්‍රසොෆ්ට් ඇප්ස් ස්ටෝව වෙත තම නිල ඇප්ස් සබදතාවක් ලබා දි නැතුවා පමනක් නොව ඉදිරියේදී ලබාදීමට මේ වන තෙක් සැලසුමක්ද නොමැති බවයි. එකිනෙකා අතර කොටස් මිලදී ගැනීම් පේටන මිලදී ගැනීම් වැනි දැඩි සබදතා  ඇති ආයතන දෙකක් අතර මෙවැනි ලෙස ගැටලුකාරී ලෙස හැසිරීම පිලිබදව සයිබර් ලේකය ගැන හදාරන්නන් තම විමතිය පලකරමින් සිටින බවයි සටහන් වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...