2012-11-02

වින්ඩෝස් 8 වඩාත් සුරක්ෂිතයි.........



..... වින්ඩෝස්8 වලින් පරිගණකයක් බූට් වීමේදීම ආරක්ශිත බවක් දක්නට පුලුවන්. රූට්කිට් බූට් ලෝඩර් වැනි සරල මට්ටමේදීම පරිගණකය වෙත පිවිසෙන්නට පුලුවන් හානීන් වින්8 ආරක්ශිත බූට් ක්‍රියාවලිය තුලදීම පාලනයකර තිබෙනබව දකින්නට පුලුවන්. සරලව පැවසුවහොත් සුපුරුදු බයෝස් ක්‍රියාවලිය වෙනුවට වඩාත් සුරක්ෂිත යාන්ත්‍රනයක් පැමිනිලා තිබෙනවා. වින්8 ලෝඩ් වීමට  පෙර සිටම ලෝඩ්වන සියලුම මෘදුගොනු වල සහතික බව පිරික්සීම වැනි ක්‍රමවේද ඒ සදහා යොදා ගෙන තිබෙනවා. හරියටම කිව්වොත් ආසාධිත බූට් ලෝඩරයක් විසින් අනාරක්ශිත ගොනු පරිගණකය වෙත පිවිස වන්නට තැත්කලහොත් ආරක්ශිත බූට් ක්‍රියාවලිය ඒ සියල්ල අඩපනකොට දමන්නට හැකි වන තරමට දියුනු කර ඇති බවයි අපිට දකින්නට ලැබන්නේ. ---- ලෙසට නම්වන මෙම ක්‍රියාවලිය භාවිතාකරන්නෙකුට අවැසිනම් ක්‍රියාවිරහිතකර දමන්නට පුලුවන් වනවා සේම වින්ඩෝස්8 සහතිකලත් දෘඩාංග මත වෙනත් මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය නම් අක්‍රියකර දමන්නට සිදුවන බව කිව යුතුයි.
                                             පෙර සියලු සංස්කරන වලදී බූට් ක්‍රියාවලියේදී ආරක්ශක මෘදුකාංගය පරිගණකයවෙත පිවිසෙන්නට පෙර මෘදුකාංග ආසාධිත මට්ටමක වුවහොත් හදුනා ගැනීම ඉතා අපහසුවීම බහුල අත්දැකීමක් වූවත් වින්8 සමග තවම එය සතු‍ටුදායක මට්ටමක පාලනකර ඇති බවයි හදාරන්නන් පවසන්නේ.අන්තර්ජාලය ඔසේ ගොනුවක් පරිගණකය වෙත ලබා ගන්නට තැත්කිරීමේදී ස්මාර්ට් ස්ක්‍රීන් ‍ෆිල්ටරය එම ගොනු ගැන වෙනත් භාවිතාකරන්නන්ගේ අත්දැකීම් සමග සසදමින්  හානිකර බව පිලිබදව පෙර දැනුම්දීමට ක්‍රියා කිරීම භාවිතාකරන්නන්හට හොද සහයක් සපයනු ඇති බවටයි පොරොන්දුවෙමින් සිටින්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...