2012-11-14

ස්කයිප් වෙත සයිබර් ප්‍රහාරයක අනතුරු හැගවේ....



මයික්‍රසොෆ්ට් ආයතනයෙන් නිකුත්වන නවතම නිවේදනයකින් පැවසෙන්නේ රුසියානු අනවසර පිවිසෙන්නන් අතර පැතිරෙමින් ඇති ක්‍රමවේදයක් ඔස්සේ ස්කයිප් ගිනුමක ඊමේල ලිපිනය පමනක් යොදාගෙන එම ගිනුමට පිවිසීමේ හැකියාව හා එම ගිනුමේ අවසර පදය වෙනස්කර අදාල භාවිතාකරන්නාහට එම ගිනුමට ඇතුලුවීම වලකන්නටත් හැකි මට්ටමේ සයිබර් පහර දීමත් තමන් හදුනාගෙන ඇති බවයි. ඒ අනූව මේ වනවිට ස්කයිප් ගිනුම් වල අවසර පද වෙනස් කිරිමේ හැකියාව තාවකාලිකව තමන් නවතා ඇති බවටත් එම ආයතනය නිවේදනය කර සිටිනවා.එසේමුත් තවමත් එම පහරදීම ඔස්සේ ස්කයිප් ගිනුම් වෙත පිවිස එම භාවිතා කරන්නන්ගේ සබදතා හා එම සබදතා  ඔස්සේ සිදුවූ තොරතුරු හුවමාරූන් හදුනා ගැනීමේ හැකියාව තවමත් පවතින බවටයි සටහන් වන්නේ.
                                  මෙම තත්වය පලනය කර ගැනීමට ගත හැකි එක පියවරක් ලෙස හදාරන්නන් පවසන්නේ තම ස්කයිප් ගිනුමට ඇතුලුව දේවන ඊමේල ලිපිනයක් ලබාදෙන ලෙසත් එය සේව් කොට නැවත එඩිට් ඔස්සේ පිවිස එම පසුව දුන ඊමේල ලිපිනය "ප්‍රයිමරි" ඊමේල ලිපිනය ලෙසට වෙනස්කර ගන්නා ලෙසත් , අනතුරුව සේව් කරගැනීමේදී අවසර පදය ලබාදෙන  ලෙසත් හා පසුව නැවත පිවිස මුල් ඊමේල ලිපිනය ස්කයිප් ගිනුමෙන් ඉවත්කර ගන්නා ලෙසත්ය.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...