2012-11-05

වින්ඩොස්8 පිලිබදව ලියවෙන ලිපි පෙලෙහි පලමුවන ලිපිය



මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස්7 නිකුත්කොට වසර 3කට පසුව තම සාම්රධායික මොහොයුම් පද්ධති රටාව වෙනස් මගකට ගෙනෙමින් වින්ඩෝස්8 මෙහෙයුම් පද්ධ්තිය මේ වන විට නිකුත්කොට තිබෙනවා. වින්ඩෝස් 7 යනු විස්ටාහි වර්ධනාත්මක දියුනු කිරීමක් ලෙසට සැලකෙන මුත් වින්ඩෝස්8 හැදින් වෙන්නේ මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති සම්ප්‍රධාය නැවත නිර්මානය කිරීමක් ලෙසටයි.මයික්‍රසොෆ්ට් පෙර සියලු සංස්කරන අතරවූ වෙනස වූවේ පෙර සංස්කරනයට වඩා වැඩි පහසු ආරක්ශිත බවින් වැඩි සංස්කරනයක් ඉදිරිපත්කිරීමක් වූවද වින්ඩෝස්8 සමග සිදුවන්නේ ජංගම ගතියෙන් වැඩි උපාංගයක් වන ටැබ්ලට් උපකරනට වඩාත් මිත්‍ර ස්පර්ශක තිර ප්‍රමුක සරල භාවිතයට වඩාත් ගැලපෙන මෘදුකාංගයක් ඉදිරිපත්කිරීම බවටයි සටහන් වන්නේ. ඒ.ආර්.එම් නොහොත් අඩු බල සැපයුමක් යටතේ  ක්‍රියා කරන   ස්මාර්ට්  මට්ටමේ දුරකථන වල භාවිතාවන ප්‍රොසෙසර සමග උවත් පහසුවෙන් ක්‍රියා කල හැකි  මෙම නව මෙහෙයුම් පද්ධ්තිය සුපුරුදු සාම්ප්‍රධායික ඩෙස්ටොප් පරිගණක සමග උවත් හොදින් ක්‍රියාත්මක වන සේ සැකසී තිබෙනවා.
                        ප්‍රධාන ලෙස සංස්කරන තුනකින් වින්ඩෝස්8 සමන්විත වෙනවා. ඒවා නම් වින්ඩෝස්8 , වින්ඩෝස්8 ප්‍රෝ , වින්ඩෝස් RT ලෙසටයි කියවෙන්නේ.මෙම පලමු සංස්කරන දෙක වෙළද්පොලෙන් මිලදී ගත හැකි අතර තෙවන සංස්කරනය දැනට නිකුත්වෙන්නේ ටැබ්ලට් වැනි උපකරන සමග පෙර ස්ථාපිත මෙහෙයුම් පද්ධ්තියක් ලෙසට පමනයි. වින්ඩෝස් එන්ටර්ප්‍රිසස් සංස්කරනය විශාල මට්ටමේ ආයතන සදහා ලබා ගත හැකි අතර වින්ඩෝස්8 , වින්ඩෝස්8 ප්‍රෝ , වින්ඩෝස් 8 එන්ටර්ප්‍රිස් සංස්කරනයන් 32 හා 64 බිට් සංස්කරන ලෙස ලබා ගත හැකිව තිබෙනවා.
                                             වින්ඩෝස් 8 භාවිතය සදහා එම උපකරනයේ තිබිය යුතු අවම පහසුකම් නම් ගිගා හර්ට්ස් එකකට වඩා වැඩි ප්‍රොසෙසරයක් , ගිගා බයිට් එකකට වඩා වැඩි ‍රැම් කාර්ඩ් පතක් , ගිගා බටිට 16 කට වඩා වැඩි හාර්ඩ් ඩිස්ක් ඉඩකඩක් ලෙසට හැදින් වෙන අතර ඩිරෙක්ට් එක්ස් 9 ක ග්‍ර‍ෆික් පහසු කමක් බලාපොරොත්තු වන බවටයි සටහන් වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...