2022-10-23

Android 12 වල සිට ඔබ සුරකින "corner alert"

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ වන අංග සංක්‍රිය කරවන හෝ සංක්‍රියකරවන්නට අනුමැතිය දෙන අය වන්නේ ඔබම පමනක් බව ඔබගේ විස්වාසය වනු ඇත. එහෙත් හැමවිටම එසේම නොවේ. ඔබගෙන් සොරා ගන්නා අවසරයක් මත නැතිනම් එම උපකරනය හොඳින් ආසාධිත නම් ඔබගෙන් අවසරයක් නොමැතිව උවත් එහි වන අංගයන් සංක්‍රිය කරවන්නට කටයුතු වන අවස්ථා තිබිය හැක. විශේෂයෙන් camera / microphone වැන්නක් සංක්‍රියකරවීම ඔස්සේ ඔබගේ පෞද්ගලිකත්වය සොරාගන්නට කටයුතු කරන අවස්ථා තිබිය හැක. Google ආයතනය Android 12 වල සිට මේ සදහා සරල විසඳුමක් ගෙනැවිත් ඇත. එනම් දුරකථනයේ වන මෙම අංග සංක්‍රියව පවතින අවස්ථාවල් වලදී screen  වල ඉහල corner වල "corner alert" එකක් සංක්‍රියව දෘශ්‍යවීමය. එනම් camera / microphone වල icon එකක් සංක්‍රීයව පැවතීමය. සමහර app එනම් Instagram වැන්නක් භාවිතයේදී මෙම සංක්‍රිය බව සාමාන්‍ය කරුනක් වුවද කිසිසේත්ම අදාල නැතිව සමහර app වලින් මෙම අවසරය භාවිතාවන්නේනම් ඒ පිලිබඳව සැලකිලිමත්ව සිට එහි සැකසුම් ඔස්සේ පිවිස අදාල අවසරය අවසන් කර දමන්නටත් නැතිනම් Quick Settings ඔස්සේ පිවිස මෙම හැකියාවන් සම්පූර්නයෙන් deactivate කර තබන්නටත් මේ වන විට හැකිවනු ඇත. හදාරන්නන් පවසන්නේ මෙම සැකසුම් ගැන පූර්ණ විස්වාසය නොතබා අවදියෙන් සිටීමද ඉතා වැදගත් බව අමතක නොකල යුතු බවයි.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...