2022-10-22

Core Isolation’s Memory Integrity protection

Windows 11 බොහෝ දුරට වින්ඩෝස් මෙහෙයුම් පද්ධති අතර තීරනාත්මක හැරවුමක සටහන් දැනටමත් පෙන්වමින් සිටී. මේ වන විට එහි  Windows 11 2022 Update (22H2) සංස්කරනය නිකුත්ව ඇති අතර ඒ සමග පැමින ඇති ආරක්ශක අංගයක් වන්නේ Core Isolation’s Memory Integrity protection ලෙසට නම් වන core activities හුදකලා කරමින් malicious programs වලින් වලකා ගැනීමට උත්සාහ කිරීමක් වේ. මෙම අංගය වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ processes වලට malicious code අනවසරව inject කිරීම වැලකීම මෙන්ම drivers ලෝර්ඩ් වීමේදී ආරක්ශිත බව සහතික කිරීම වේ. මෙම හැකියාව Windows 11 22H2 වලදී default මට්ටමින් සංක්‍රියව පැමින ඇති අතර windows 11 අනෙකුත් සංස්කරන සදහා Settings >  Privacy & security  > Security > Windows Security > Protection areas > Device security > Core isolation details > Memory integrity වල off යන්න on ලෙසට වේන්ස් කිරිමෙන් හැකි වනු ඇත. ඉන් අනතුරුව පරිගණකය restart එකකට ලක් කිරීමෙන් අනතුරුව එම හැකියාව සංක්‍රිය වනු ඇත.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...