2022-10-11

Google Chrome 2022 වල වැඩිම ඉලක්ක වන browser වේ.

Google Chrome  පිලිබඳව පවසන හදාරන්නන් පෙන්වා දෙන්නේ 2022 සැලකීමේදී වඩාත් හානිකරබවට ලක්වු browserය වන බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ Chrome වල 2022 සදහා වාර්ථා ගත වූ හානිකර බවට විවරවීම නැතිනම් vulnerabilities 303 ලෙසට සටහන් වන බවයි.  ලොව වඩාත් භාවිතයක් ලබන මෙම බ්‍රවුසරය සදහා October 2022 සදහාද හඳුනා ගත් හානිකරබවක් පවතින එකම මෘදුකාංගය ලෙසටද වාර්ථා වන බවයි. එම වාර්ථාවට අනූව Mozilla Firefox සදහා 117 vulnerabilities බවක්ද,  Microsoft Edge සදහා 103 vulnerabilities මෙන්ම Safari සහ Opera සදහා vulnerabilities 26 ක් හා 0 ලෙසට වාර්ථා වන බවයි. සමස්ථ භාවිතකාලය සැලකීමේදීද  September 2008 වල පැමිනි  Chrome  සදහා 3,159 vulnerabilities  සටහන් වෙමින් ඉහලින්ම වන අතර මීට වඩා පැරණි භාවිතාවන් වන Firefox, Safari, හා Opera සැලකීමේදී 2361, 1139, සහ 344 සටහන් වන බවත් 2015 පැමිනි Edge වල 806 vulnerabilities සටහන් වන බවයි. 
     සමස්ථයක් ලෙසට නිතරම තම බ්‍රවුසරය යාවත්කාලීනව තබා ගැනීමත් browser extensions තොරා ගැනීමේදී කල්පනාකාරී වීමත් වැදගත් වන අතර email වලට සංයුත්තව පැමිනෙන  phishing attacks  උත්සාහයන් බොහොමයක් ඔස්සේ සයිබර් අපරාධකරුවන් browser flaws ඉලක්ක වන නිසා මේ ගැන කල්පනාකාරීව සිටිම වැදගත් වනු ඇත.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...