2022-10-15

Apple ද USB-C වෙතට පැමිනීම???

හදාරන්නන් අනාවැකි පලකමින් සිටින්නේ iPhone model. සදහා කාලයක් තිස්සේ standard iPhone cable ය වූ Lightning cables භාවිතය 2023 වන විට සමුගැනීම ආරම්භ වනු ඇති බවයි. දැනටමත් යුරෝපීය නෛතික පද්ධති විසින් Apple වෙතට දැනුම් දී ඇත්තේ 2024 වන විට USB-C  වෙතට පැමිනෙන ලෙසට වන අතර, ඒ අනූව අනාවැකි පලවෙන්නේ  iPhone 15 සමග මෙම නව පැමිනීම සිදුවනු ඇති බවයි. එපමනක් නොව වැඩි දුරටත් ඔවුන් පවසන්නේ ඉදිරි දශකය අවසන් වන විට Apple ආයතනය fully wireless charging port වෙතට පැමිනීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. පසුගියදා European Parliament වෙති පැවසුනේ 2024 අවසන් වන විට සියලුම EU වල අලවි වන mobile phones, tablets හා cameras සදහා USB Type-C charging port සමග විය යුතු බව වන අතර 2026 වන විට මේ බව laptops සදහා ද බලපෑ යුතු බවයි. මේ අනූව 2014 සිට භාවිතයට පැමිනි USB-C ports පොදු භාවිතාවක් වීම සමග පරිසරයට අනවශ්‍ය ලෙස එක්වන උපාංග ප්‍රමානය අඩු කරන්නටත් භාවිතා කරන්නන් සදහා පහසුවක් වන්නටත් නියමිත පවතිනවා.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...