2022-10-14

Google ගෙනෙන passkey හැකියාව.

Google නිවේදනය කරන්නේ තම Android හා Chrome වෙතට passkey සහය ගෙන ඒම පියවරින් පියවරට සූදානම් වෙමින් ඇති බවයි. ඒ අනූව developers මට්ටමින් මෙම technology ය Google Play Services beta හා Chrome Canary වෙතටත් websites / apps වෙතටත් ගෙන ඒම ආරම්භව තිබෙනවා. ලොව ප්‍රධානතම සෙවුම් යන්ත්‍ර හිමිකරුවන් විසින් මෙම හැකියාව stable channels වෙතට මෙම වසර අවසානය වනවිට ‍රැගෙන එනු ඇති බවට බලාපොරොත්තු පල වෙමින් තිබෙනවා. බහුල භාවිතය තුල අවසර පද මතක තබාගැනීමේ අභියෝගයට පිලිතුරක් වන මේ ඔස්සේ Google Password Manager වැන්නක සහය autofill ආකාරයට ලබන්නට හැකියාව ගෙනෙනවා. එම ආයතනය පැහැදිලි කරන්නේ passkey සමග අදාල ගිනුම තේරීමෙන් අනතුරුව fingerprint, face, නැතිනම් screen lock වැනි තහවුරුවකින් සමග ඒ ව්තට පිවිසෙන්නට හැකි අතර nearby device ආකාරයටද මෙම සහය වන්නට නියමිතයි. එපමනක් නොව ඔබ පිවිසෙන්නට අවශ්‍ය වෙබ් අඩවිය ලබා දෙන QR එකක් ඔබගේ ජංගම දුරකථනය ඔස්සේ scan කිරීමකින්ද approve access ලබා ගන්නට හැකි වනවා. Google වල මීලග පියවර වනු ඇත්තේ API support ඔස්සේ native Android apps වලටද මෙම සහය ගෙන ඒමයි.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...