2013-11-08

වින්ඩෝස් 7 සදහා IE11 අවසන් සංස්කරනය නිකුත්වේ!!!!

  බ්‍රවුසරය යනු මෙහෙවුම් පද්ධතියක් ඔස්සේ වෙබ් අවකාශයට  පිවිසීමේදී භාවිතාවන ප්‍රධාන තම දොර‍ටුව වන්නේය. ඒ නිසාම පරිගණකයේ ස්ථාපනය වී ඇති බ්‍රවුසරය වඩාත් අලුත්ම සංස්කරනය දක්වා යවත්කාලීනව තබා ගැනීම පැමිනෙන නවීනතම වෙබ් තාක්ශනයන් අත්විඳින්නට මෙන්ම ආරක්ශිතව සිටින්නට භාවිතාකරන්නන්හට සහය වනු ඇත.මයික්‍රසොෆ්ට් ආයතනය නිවේදනය කර සිටින්නේ වින්ඩෝස් 8.1 සමග පැමිනි IE11 සංස්කරනය මෙවන විට වින්ඩෝස් 7 භාවිතාකරන්නන්හට මුදා හැර ඇති බවයි.ආයතනය පවසන්නේ දැනටමත් IE11 පෙර සංස්කරනයක් භාවිතාකරමින් සිටින්නෙනම් එම සංස්කරනය අවසන් සංස්කරනයක් බව යාවත්කාලීන වීම ස්වංක්‍රීයව සිදුවන්නට නියමිත බවකි. එලෙසම පසුගිය කාලයේ මයික්‍රසොෆ්ට් ආයතනය ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සංස්කනයන් ස්වංක්‍රියව යාවත්කාලීන වීම වලකා ගන්නට යම් භාවිතාකරන්නෙකුට අවශ්‍ය වන දී භාවිතයට ගත හැකි මෘදුකාංග උපකරනයද නිකුත්කරනු  ලදී.මෙම නව සංස්කරනය වින්ඩෝස් 7 හි SP2 භාවිතාකරන්නන් සදහා සහය දක්වනු ඇති බවටයි වැඩිදුරටත් නිවේදනය වන්නේ.
                                    දැනට භාවිතාව සදහ ඇති බ්‍රවුසර අතරින් ‘real world websites’ සදාහ් වන වේගවත්ම බ්‍රවුසරය මෙය වනු ඇති බවට පවසන මයික්‍රසොෆ්ට් ආයතනය තම තරග කරුවන් සමග සැසදිමේදී 30%ක වෙගවත් බවක් රදවා ගන්නට තමන් සමත්ව ඇති බවටයි පවසා සිටින්නේ.වින්ඩෝස් 8 සමග සැසදීමේදී IE11 වල සමහර අංග වින්ඩෝස් 7 සදහා සහය දැක්වීම සිදු නොවන අතර මුත් සමස්තයක් ලෙසට වින්ඩෝස් 7 භාවිතාකරන්නන් හට වඩාත් පහසු බ්‍රවුසර අත්දැකීමක් ‍රැගෙන එන්නට හැකි වනු ඇති බවටයි ආයතනය පවසන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...