පරිගණකය වෙත මැල්වෙයාර් පැමිනීමේ ප්‍රධානතම දොරටුවක් වන්නේ වෙබ් බ්‍රවුසරයයි.ප්‍රධාන මට්ටමේ වෙබ් බ්‍රවුසර නිකුත්කරන සියලුම සමාගම් තම වෙබ් බ්‍රවුසරය සමග වඩාත් සුරක්ෂිත වෙබ් සැරියක ලබා දෙන්නට කටයුතු කිරීම බොහෝ විට දකින්නට පුලුවන්.භාවිතාකරන්නන් අතර මහත් ප්‍රසාදයක් ඇති Google Chrome ගෙනෙන ගූගල් ආයතනයද පසුගියදා පවසා සිටියේ තම වෙබ් බ්‍රවුසරය සමග නව මැල්වෙයාර් හදුනා ගැනීමේ අංගයක් එකතුකරන්නට තමන් තීර්නය කර ඇති බවයි. තවමත් පෙර අත්හදා බැකීමේ නොහොත් "Alpha" මට්ටමේ නිකුතුවක් ලෙසට වන මෙම නිකුතුව සමග භාවිතාකරන්නන් හානිකර දෑ අඩංගු වෙබ් අඩවියකට පිවිසෙන්නට පෙර වලකා ගන්නට කටයුතු කරනු ඇති බවටයි එම ආයතනය පවසන්නේ. පහසු "reset browser settings" බටනයක්ද සමග පැමිනෙන මෙම නව නිකුතුව ඔස්සේ යම් හානිකර බවක් බ්‍රවුසරය වෙත පැමිනුනද පසහුවෙන් බ්‍රවුසරය පෙර තත්වයට ගෙනෙන්නට කටයුතු කරනු ඇති බවටත් ඔවුන් පවසා සිටිනවා.බොහො භාවිතාකරන්නන් screensavers, video plugins නැතිනම් fake security software වෙත දක්වන දැඩි කැමැත්ත ඔස්සේ තම පරිගණකය නිතරම ආසාධ්ත බවට පත්කර ගැනීමට කටයුතු කරන බව දක්වන එම ආයතනය තමන් දෛනිකව ආරක්ශිත වෙබ් අඩවි වර්බීකරනය සදහා වෙබ් අඩවි 10000 වඩා හදාරමින් සිටින බව පවසා සිටියා.මෙම නව Canary බ්‍රවුසරයේ අවසන් සංස්කරනයක් ඉදිරි මාස කිහිපය තුලදී නිකුත්වනු ඇති බවටයි එම ආයතනය බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...