2014-01-04

සෑබෑ ඩිජිටල් පුරවැසියා තවමත් ප්‍රාථමික ශ්‍රේණිවල ලෝකයේ ඩිජිටල් සංස්කරනය අකුරු කරමින් සිටී....

  තොරතුරු ලෝකය සමාන්‍ය ලෝකයට සමාන්තරව දිවෙන තවත් සජීවී තලයකි. සාමන්‍ය ජීවිතයට සමාන්තරව දිවෙන මෙවැනි ආකාරයේ තලයන් බොහොමයක් අප අත්දැක ඇත්තෙමු. විඳ ඇත්තෙමු. එහෙත් එය තව දුරටත් හුදු තාක්ශනික මෝස්තරයකට වඩා යමක් බව තාර්කික වී හමරය. එය බොහෝ තාක්ශනික අවකාශයන් දෛනික මිනිස් දිවියට ගෙනා වෙනසට වඩා යමක් ‍රැගෙන විත් ඇති නව මද හදාරන්නෙකුට පවා පැහැදිලි වන සත්‍යකි.ඔබට එය ප්‍රතික්ශේප කලහැක. එහෙත් ඔබගේ දෙපා රදවා ගෙන සිටින තලය ඔබගේ මනෝකල්පිත ප්‍රතික්ශේප කිරීමක් ඔස්සේ වෙනස් කරන්නට නොහැකි වනු ඇත.
                    එය මිනිස් වර්ගයාගේ දිගැති කථාන්දරයට නව පරිච්ඡේදයක් එක් කොට හමාරය.එය රෝදය , තියුනු තලය සොයා ගැනීමටත් වඩා මිනිස් කථාන්දරයට වෙනසක් ‍රැගෙන විත් ඇත.එය ඔබ හා සැබෑ ලෝකය අතර සිට ගනිමින් ජීවිතයට නව කියවීමක් ‍රැගෙන විත් ඇත. ඔබ අතැති ස්මාර්ට් දුරකථනය ලෝකය හා මිනිස් දිවිය අතරවූ බොහෝ සීමාවන් අවසන් කොට ඇත. "දුර" එක් සීමාවකි. "වේගය " තවත් එක් සීමාවකි. මිනිස් කථාන්දරය පාලනය කරමින් සිටි එම භෞතික සීමාවන් පමනක් නොව ඔබගේ නිර්මානාත්මක මනස එය විසින් උඩු යටිකුරු කොට ඇත. අවසාන වෙනස තවමත් අප අතරට එමින් පවතින්නකි. සැබෑ ඩිජිටල් පුරවැසියා නැතිනම් ඩිජිටල් ලොව තුල සැහැල්ලු මිනිසා තවමත් පාසැල් වල ප්‍රාථමික ශ්‍රේණිවල ජීවිතයේ නැතිනම් ලෝකයේ මූලික සංස්කල්ප වල ඩිජිටල් සංස්කරනය අකුරු කරමින් ඇත.

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...