2013-12-09

FBI අවශ්‍ය විටදී ඔබගේ වෙබ් කැමරාවද විවෘතකරන්නට හැකිය.(හිටපු FBI උසස් නිලධාරියෙකු පවසයි)

  පසුගිය වසරේදී ඇමරිකානු ආරක්ශක අංශ වෙතට එල්ලවූ තර්ජන අතර Mo නැමැත්තෙකුගෙන් ලැබුනු තර්ජනාතමක පනිවිඩ විශේෂ තැනක් ගන්න ලදී. එනම් ඔහුගේ තර්ජනයන් වූවේ තමන් ඇමරිකානු අධ්‍යාපනුක ආයතන මෙන්ම ගුවන්යානා තො‍ටුපොලවල් වෙතට බෝම්බ ප්‍රහාර මාලවක් සදහා සූදානම් වන බවයි.එම තර්ජන හමුවේ FBI ආයතනය තම Hacker Team  වෙතට භාරවූ ඉලක්කයක් වූවේ ඔහුට නොදැනී ඔහුගේ පරිගණකය වෙත පිවිස එම පරිගණකය ගැන තොරතුරු මෙන්ම ඔහු යන එන වෙබ් අඩවි ගැන තොරතුරු දැනගන්නට කටයුතු කිරීමයි.එම කන්ඩායම විසින් නිපදවන ලද කුඩා මෘදුකාංගය Yahoo මේල් සේවාව ඔස්සේ එම පරිගණකයේ තැන්පත්කරන්නට සමත්වූ අතර ඔහු ගැන විශාල ප්‍රමානයක තොරතුරු ‍රැස්කර ගන්නට එහිදී සමත් විය.කෙසේ නමුත් මෙම Mo නැමැත්තාට එරහිව පියවරක් ගන්නට FBI ආයතනයට නොහැකිවූවේ ඔහු ඉරානයට පලායන්නට සමත්වූ බැවිනි.
                                        මෙම තොරතුරු හෙලිකරමින් හිටපු ඇමරිකානු FBI උසස් නිලධාරියෙකු පුවත්පත් පත් සාකච්චාවකදී පවසා සිටියේ තම ආයතනය් සතුව ඔනෑම පරිගණකයකට අනවසරයෙන් පමනක් නොව භාවිතාකරන්න කිසිසේත් නොදැනෙන අයුරින් ඇතුලුව ඔහු කියන කරන දෑ පිලිබදව විමසන්නට අවශ්‍ය කරන තාක්ශනය තිබෙන බවයි. අවශ්‍ය විටකදී භාවිතාකරන්නාට නොදැනෙන ලෙසට ඔහුගේ webcam  එක විවෘත කොට ඔහුගේ හැසිරීම් නිරීක්ශනය කිරීමේ හැකියාවෙන් පවා එම ආයතනය සන්නද්ද බවටයි හෙලි කොට සිටියේ.

වැඩි ආරක්ෂිත බවක් සදහා Android 15, Google Play Protect

Google පවසන්නේ තමන් Android 15 හා Google Play Protect වෙතට  scams, fraud, malware වලකන නව අංගයක් ගෙනෙන්නට සූදානම් බවකි. Google I/O 2024 වලදී...