යාහු ආයතනය මේ වන විට නිල ලෙස පවසා සිටින්නේ පසුගිය දෙසැම්බරයේ 31 හා ජනවරි තෙවෙනිදා අතර තම යුරෝපියානු වෙබ් අඩවිය ඔස්සේ සිදුවු ප්‍රමිතියෙන් තොර වෙළඳ දැන්වීම් ඔස්සේ හානිකරයන් පැතිතිරීම සිදුව ඇති බව හා මිලියන 2කට ආසන්න භාවිතාකරන්නන් පිරිසක් ආසාධනයට පත්ව ඇති බවත්ය. එම ආසාධනයන් අතර Zeus Trojan නම් බොට්නෙට් ජාලයකට කැදවන ආකාරයේ හානිකරයත් සමග ආසාධිත පරිගණකය bitcoins නිපදවන්නට යොදා ගැනීමක් සිදුවන බවටයි පැහැදිලි කොට සිටින්නේ. පරිගණකයේ වේගය අඩුවීම හැරුන විට වෙනත් පැහැදිලි සලකුනකින් තොරව ක්‍රියාත්මක වන මෙම ආසාධිත පරිගණක ආසාධනය කරන මෙම වෙළඳ දැන්වීම් සංක්‍රීය කල විට Netherlands මූලික IP ලිපිනකරා සම්බන්ද වන බවටයි ඔවුන් පවසා සිටින්නේ. මෙම ජාලය ඔස්සේ දෛනිකව $100,000 ක වටිනාකමක් පහර දෙන්නන් විසින් උපයා ගමින් සිටින බවටත් මේ වන විට හෙලිව තිබෙනවා. පැයකට 27000ක ආසාධිතවීම් සිදුවෙමින් පවතින බවට ගනනය වන මෙම හානිකරය මොබයිල් හා Mac උපකරන සදහා අදාල නොවන බවටයි පැහැදිලි වන්නේ. සුපුරුදු ලෙසට මෙම හානිකරය සමගද ජාවා වල යාවත්කාලීන නොකරන ලද සංස්කරන භාවිතාවට වැඩි ජෝදනාවක් එල්ල වෙමින් ඇති අතර භාවිතාවට නොගන්නේනම් පරිගණකයෙන් ජාවා ඉවත්කිරීම වඩාත් සුදුසු බවටයි උපදෙස් ලැබෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...