2014-01-11

පෙබරවාරි 11 තොරතුරු ලොව සුරක්ශිත කරන්නට එක්වෙමු!!!!

  තොරතුරු ලෝකයේ භාවිතාකරන්නන් වෙතට අනවසර එබී බැලීම් පිලිබදව චෝදනා පසුගිය කාලයේ වඩාත් සංකීර්න ස්වරූපයකට පත් වෙමින් තිබෙනු දැකිය හැකිය. කලකට ඉහතදී පුද්ගලික මට්ටමින් පැවති හුදකලා උත්සාහයන්ගේ ස්වරූපයක් ගෙන තිබූ මෙවැනි හැසිරීම් රාජ්‍ය මට්ටමින්ද පවසිදු වෙමින් පවතින බවට තොරතුරු හෙලිවීමත් සමග තත්වය වඩාත් සංකීර්න පැහැයක් ගත්තේය.ප්‍රධාන මට්ටමේ තොරතුරු සේවා සපයන ආයතනයන් සියල්ලම පාහේ තම විරොධතාවය එකට ගොනු වෙමින් අදාල ආයතනයන් වෙතට පල කරන්නට පටන් ගනිනු දක්නට ලැබිනි. එලබෙන පෙබරවාරි 11 වනදා සමස්තයක් ලෙසට මෙම ආයතනයන් සියල්ලගේම එකමුතුවෙන් සිදුවෙමින් පවතින තොරතුරු ලෝකය වෙතට අනවසර එබී බැලීම් සදහා විරෝදයපානු ලබන දිනයක් ලෙසට මේ වන විට නම් කරන්නට කටයුතු කරමින් සිටිනවා.
                                    මෙදින වෙබ් අවකාශය පුරා  Banners හා widgets ඔස්සේ තම විරෝධය පල කරන්නට මෙන්ම භාවිතාකරන්නන්ගේ වැඩි අවධානයක් ලබ ගැනීම ඉලක්ක වෙමින් සැලසුම් වී ඇති මෙම විරෝධතාවය සාර්ථක වෙමින් තොරතුරු ලෝකය සැබෑ ලෝකය වෙතට ගෙන එන නිදහස් දේශ සීමා දේශපාලන සීමා ඉක්මවා ගිය අපූර්ව ආකෘතිය ‍රැකගන්නට හැකියාව ලැබෙනු ඇති බව පැතුමයි. පසුගිය කාලයේ සාර්ථකව දියත්වූ SOPA විරෝධතාවයට මදක් වෙනස් ලෙසට දියත් වුවද මෙම උත්සාහය ඔස්සේද නොසලකා හැරිය නොහැකි මට්ටමේ බලපෑමක් අදාල ආයතන වෙත එල්ල වෙනි ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.

maxa

Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...