2014-01-28

Samsung වෙතින් Galaxy Glass එනු ඇත....

  පලවන නොනිල ආරන්චි මාර්ග පවසන්නේ Samsung ආයතනයද එලබෙන සැප්තැම්බර මාසයේ බර්ලින් වල පැවැත්වෙන IFA 2014 සදහා Galaxy Glass ලෙසට Google Glass සදහා තරග කරුවෙකු ගෙනෙන්නට සූදානමක් ඇති බවකි. Sony වෙතින්ද මේ වන විටත් පලව ඇති පුවතක් පැවසා සිටියේ තමන්ද smart eyeglass නිපැයුමක් CES 2014 සදහා සුදානම් කරමින් සිටින බවකි. මෙම වසරේ පලඳින ආකාරයේ පරිගණක උපාංග පිලිබදව පවතින මෙම ප්‍රවනතාවය වෙතට සියලුම පාහේ ප්‍රධාන පරිගණක උපාංග නිපදවන්නන් තමාවධානය යොමුවකර ඇති බවට මෙම පුවත් වඩාත් තහවුරු කර සිටී.
                      පැමිනෙන දුරකථන ඇමතුම් ලබා ගැනීම, පනිවිඬ යැවීම , ඡායාරූ ගැනීම මෙන්ම , සංගීතය සවන්දීම වැනි හැකියවන් ‍රැගෙන එනු ඇති බවට සැලකෙන මෙම උපකරනය Galaxy Gear මෙන්ම භාවිතාකරන්නාගේ ස්මාර්ට් දුරකථනය මූලිකව ක්‍රියාත්මක වනු ලබන ආකාරයක් ගනු ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ. තොරතුරු හදාරන්නන් දැනට මත් බලාපොරොත්තු පල කොට ඇත්තේ පලදින ආකාරයේ පරිගණක වෙළඳ පොල ඉදිරියේදී විශාල වර්ධනයක් අත්පත් කරගනු ඇති බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...