2014-01-28

SkyDrive පහසුව OneDrive ලෙසට වෙනස් වේ.

  SkyDrive මයික්‍රසොෆ්ට් වෙතින් ලබා දෙන ක්ලවුඩ් ආශ්‍රිතව ගොනු රදවා තබාගන්නට ලැබෙන සේවාවකි. භාවිතාකරන්නෙකුට තම භාවිතාකරන උපාංගයේ සීමවෙන් මිදී පහසුවෙන් තම ගිනුම ඔස්සේ තම කටයුතු පවත්වාගෙන යාමට ඉන් ලැබෙන්නේ ඉමහත් සේවයකි. ලියාපදිංචි වන ඔනෑම අයෙකුට නොමිළේ ලැබෙන අවකාශයක් මෙන්ම අවශ්‍ය අයෙකුට මුදල් ගෙවා වැඩි ඉඩකඩක් වෙන් කර ගැනීමේ හැකියාවද එහි ඇත. වින්ඩෝස් 8 භාවිතාකරන්නෙකුට තම තම මයික්‍රසොෆ්ට් ගිනුමක් ඔස්සේ මෙහෙයුම් පද්ධතියට පිවිසුන විට පහසුවෙන් තම පරිගණකයේ සැකසුම් වටපිටාවත් සමග නැවත වෙනත් පරිගණකයකින් තම කටයුතු ඉදිරියට කරගෙම යාමට හැකිවීම බොහෝ භාවිතාකරන්නන්ගේ සිත් ගත් තවත් පහසුවකි. එයද මෙම ක්ලවුඩ් ආශ්‍රිත ගොනු රදවා තැබිමේ හැකියාවේ ප්‍රථිපලයකි.
                  මයික්‍රසොෆ්ට් ආශ්‍රිත පලවන තොරතුරු අඩවි වල SkyDrive වෙනුවට OneDrive ලෙසට පෙර නාමය වෙනස්කර යොදන බවට මේ වන විට තොරතුරු හෙලිවනවා. දැනට පැවසෙන්නේ මෙම වෙනස් කම එය හදුන්වන නාමයට පමනක් බලපාන මුත් පෙර පැවති ආකාරයටම එහි සියලුම සේවා ඉදිරියටත් එලෙසම ලැබෙනු ඇති බවට පැවසෙනවා.සරල architectural  වෙනස්කම් කිහිපයක් හැරුනු විට සුපුරුදු සේවාව එලෙසම ලබා ගන්නට හැකි බවට පැහැදිලි කෙරෙන අතර වෙළඳ නාම පිලිබද නීතිමය ගැටලුවක ප්‍රථිපලයක් ලෙසට මෙම වෙනසසිදුවූ බවටයි පැහැදිලි කර සිටින්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...