තම මෘදුකාංග සංවර්ධකයන්ගේ දැවැන්ත හමුවට සමාන්තරව ගූගල් ආයතනය තම ගූගල් ප්ලස් භාවිතාකරන්නන් වෙත නවාංග 41ක් හඳුන්වා දී තිබෙනවා. තම ගූගල් ප්ලස් සමාජ ජාලා අඩවිය ඔස්සේ පමනක් හදුන්වාදී ඇති මෙම නව පහසුකම් සමග ජංගම මට්ටමේ උපාංග භාවිතය පහසු වීමත් ඡායාරූ බෙදා හදා ගැනීම වඩාත් පහසුකිරීමත් කැපී පෙනෙන අංගයන් වනවා. තම සමාජ ජාලා භාවිතාකරන්නෙකු පුලුල් තිර සහිත ජංගම උපාංගයකින් පැමිනෙන විට තීරු තුනක අවකාශයක් ඔස්සේ පල කිරීම් දැක බලා ගන්නට හැකිවීම සිත්ගන්නා සුලු වනු ඇති බවටයි එම ආයතනය පවසා සිටින්නේ. ස්වංක්‍රීයව ඡායාරූ සටහන් ටැග්වීමේ හැකියාව භාවිතාකරන්නාට අවශ්‍ය නම් පාලනය කිරීමේ හැකියාවකින් යුක්තව ඉදිරියේදී මුදා හැරෙන්නට නියමිත බවටත් ගූගල් පවසා සිටිනවා. තවත් වැඩි අවධානයක් ලැබෙනු ඇතැයි බලපොරොත්තු වන අංගයක් වන්නේ තම සමාජ ජාලය වෙත නැවෙන ඡායාරූවල තත්වය ඉහල නංවා ගැනීමට උපකාරී කර ගත හැකි ටූලයන්ය. මීට අමතරව ගූගල් සමාජ ජාලාවෙහි මුහුනත වඩාත් පැහැදිලි නවතාවයක් ගෙනෙන ලෙසට ලබාදී ඇති වෙනස්කම භාවිතාකරන්නනගේ සිත්ගන්නා සුලු කාරනයක් වනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...