2014-03-06

Windows 8.1 සදහා එන පලමු මෙගා යාවත්කාලීන ගොනුවේ නිල නාමය Feature Pack වේවි.

  Windows 8.1 සදහා පැමිනෙන්නට නියමිත නවතම යාවත්කාලින ගොනුව පිලිබදව ලොලයන්ගෙන් ඇත්තේ නොමද අවධානයකි. එය පැමිනෙන දින වකවානු , එහි නිල නාමය පමනක් නොව එහි අඩංගුව පැමිනෙන දෑ පිලිබදව නොනිල මට්ටමින් නෙකෙ තොරතුරු පලවෙමින් ඇත. පසුගිය සතියේ පලවූවේ එහි RTM version ගොනුව අවසන්ව ඇති බවකි. මේ වන විට අන්තර්ජාලය වෙතට පැමින ඇති නවතම තොරතුරු හෙලිකරන්නේ එය නිල ලෙසට Feature Pack නමින් නම් වන්නට නියමිත බවකි. මෙම නව යාවත්කාලීනය සමග Windows 8.1 වෙතට ගෙනෙන්නට නියමිත KEYBOARD හා MOUSE භාවිතාකරන්නන් වෙනුවෙන් ප්‍රධාන නවාංග නිසාම මෙම නාමය එයට ලැබී ඇති බවටයි හැගෙමින් ඇත්තේ. එසේම මෙම යාවත්කාලීනය සමග internet explorer සදහා ප්‍රධාන නව සංස්කරනයක් නොපැමිනෙන අතර  පැමිනෙන නව අනු සංස්කරනය IE 11.0.7 ලෙසට නම්ව තිබෙනු ඇති බවටයි මේ වන විට නිකුත්ව ඇති නොනිල තොරතුරු හෙලිකර සිටින්නේ.
                 මීට අමතරව පසුගිය දිනවල කථා බහට ලක්වූ Windows 8.1 with Bing සංස්කරනයක් පිලිබදව මේ වන විට තොරතුරු පලවෙමින් ඇති අතර ඒවායින් පැවසෙන්නේ මෙම සංස්කරනය අඩු මිලැති උපාංග සදහා OEM සංස්කරනයක් වන අතර එහි ප්‍රධාන බ්‍රවුසරය IE වෙනස්කල නොහැකිවන සේ සමන්විතව පැමිනෙන්නට නියමිත බවකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...