2014-03-11

iOS 7.1 නවාංග කිහිපයක්ද සහිතව නිකුත්වේ!!!!

  Apple ආයතනය තම iOS 7 මෙහෙයුම් පද්ධතිය සදහා ප්‍රධාන යාවත්කාලීනය iOS 7.1 නමින් අද නිකුත්කරන්නට කටයුතු කරනු ලැබුවා. හදුනාගෙන තිබූ දුර්වලතා කිහිපයකට පිලිසකර සමග UI සදහා දියුනු කිරීම් කිහිපයක් ප්‍රමුක කාරනා කිහිපයක් සහිත මෙම නිකුතුව පසුගිය නොවැම්බරයේ දී සංවර්ධකයන්ට නිකුත්කරන ලද අතර iOS 7 සමග වූ දුර්වලතා සැකසීම සදහා සෑහෙන කාලයක් වැයකරන ලද නිකුතුවක් ලෙසටයි සැලකෙන්නේ. මෙම  නිකුතුව සමග නව shutdown slider පහසුව වේගවත් animations දියුනු කිරීම් මෙන්ම app ක්‍රියාත්මක වීමේදී වැඩි වේගයක් සමග වෙගවත්කල  multitasking හැකියාවක් පිලිබදව නිවේදනය කර සිටිනවා.
                      CarPlay සමග iPhone භාවිතාකරන්නෙකුට තම Car එකෙහි dashboard display සමග සම්බන්දව කටයුතු කිරීමේ හැකියාව ලැබෙන අතර දැනට ‍තෝරාගත් මොස්තර කිහිපයක් සමග කටයුතු කරනු ඇති බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ.එසේම carplay සමග Siri පහසුවද සමන්විතව පැමිනෙනු ඇති බවටයි පවසන්නේ. එය වඩාත් පැහැදිලි කරන ඔවුන් ගෝශාකාරී පරිසරයකදී වුවත් භාවිතාකරන්නාගේ කටහඬ හදුනා ගැනීම් අපහසු වන විට manually control වෙතට පහසුවෙන් පිවිසීමේ හැකියාව වඩාත් දියුනු කර ඇති අතර natural-sounding voices සදහාද දියුනු කිරීම් වන බවටයි නිවේදනය කරන්නේ.
                            මීට අමතරව Music හා  Calendar apps වලට  ගෙනවිත් ඇති දියුනු කිරීම් මෙන්ම  now playing screen වල සිටම ගීත මිලදී ගැනීමේ හැකියාවත් ගෙනවිත් ඇති අතර පසුගිය කාලය මුලුල්ලේ සිටම home screen වල වූ crashes තත්වය පිලිසකර කිරීම් සදහන් වනවා.  iOS 8 සදහා සංවර්ධකයන් සදහා නිවේදනය වීම එලබෙන ජූනි වල සිදුවෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...