2013-09-20

Steve Ballmer යනු සාර්ථක CEO කෙනෙකු බව......

  මයික්‍රසොෆ්ට් ආයතනයේ ප්‍රධන විධායකයාගේ සමු ගැනීමට දින නියමව ඇති අතර තවමත් ඒ සදහා ස්ථීර නාම යෝජනවක් නැති බවයි පෙනෙන්නට ඇත්තේ. සමුගැනිමට නියමිත CEO වන Steve Ballmer ගේ සේවය  පිලිබදව නෙක ආකාරයෙන් විචාරනය වෙමින් පවතින අතර සමහරුන් ගේ මතය වන්නේ මෙතෙක් ඔවුන් දු‍ටු නරකතම CEO ලෙසට Steve Ballmer නම් කරන්නට හැකි බවයි.මෙම දිනවල මයික්‍රසොෆ්ට් ආයතනයේ වාර්ෂික ප්‍රධාන පෙලේ හමුවක් පැවතෙමින් ඇති අතර එහිදීද මේ පිලිබදව අදහස් පලවෙමින් තිබෙනවා.
                          එහිදී ඉදිරිපත්වුනු එක් සටහනක්  පැහැදිලිව සනාත කර සිටියේ Steve Ballmer ගේ CEO තනතුර ආයතනය දෙසට අවාසි සහගත ලෙස දක්නට නොහැකි බවයි. ගෙවුනු කාලය තුල මයික්‍රසොෆ්ට් ආයතනයේ මෙන්ම සමාන්තර අනෙකුත් ආයතනයන් සැලකීමේදී මයික්‍රසොෆ්ට් ආයතනය සැලකිය යුතු මට්ටමක වන බවටයි එයින් පැහැදිලිව තිබුනේ. සමන්තර ආයතන හයක ආර්ථික වාර්තා සමග මයික්‍රසොෆ්ට් ආයතනය හොඳ තරගකාරී මට්ටමක වන බවටයි එයින් පැවසී තිබුනේ. පසුගිය වසර සැලකීමේදී මයික්‍රසොෆ්ට් ආයතනය ඇපල් ආයතනයට පමනක් දෙවනි වන ආදායම් තත්වයක් උපයා ඇති බවටයි Steve Ballmer එම හමුවේදී පවසා තිබුනේ.එතුමා වැඩි දුරටත් පවසා තිබුනේ තම ආයතනය මේ වන විට මොබයිල් වෙළඳ පොල වෙත පිවිසීමේ අභියෝගය සමග වන බවයි.
                                 සමස්තයක් ලෙසට පෙනෙන්නට ඇත්තේ Steve Ballmer විසින් ආයතනය වෙතට ගෙනවිත් ඇති නව යෝජනාවන් ඔස්සේ ආයතනයේ ඉදිරි ගමන යනු ඇති බවට කිසිදු තර්කයක් නොමැති බවත් ආයතනය හමුවේ ඇති අභියෝගය වන්නේ ඔහුගේ දැක්ම හොඳින් හදුනා ගෙන එය ඉදිරියට ගෙනයන්නට සමත් සුදුස්සෙකු තොරා ගැනීම බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...