මයික්‍රසොෆ්ට් සමාගම තම සෙයුම් යන්ත්‍රයේ මීලග සංස්කරනය වන Internet Explorer 11 හි පෙර සංස්කරනයක් windows 7 සදහා නිකුත් කොට තිබෙනවා.ඒ සමග මයික්‍රසොෆ්ට් සමාගම තම නව සෙයුම් යන්ත්‍රයේ නව සංස්කරනය පිලිබදව තොරතුරු කිහිපයක්ද හෙලි කොට තිබෙනවා.ඔවුන් පවසා සිටින්නේ තම නව සෙයුම් යන්ත්‍ර සංස්කරනය windows 7 සමග අනෙකුත් බ්‍රවුසරයන්ට වඩා 30% කින් වේගවත්ව ක්‍රියාත්මක වන බවයි. එසේම තම පෙර සංස්කරනය වන Internet Explorer 10 ට වඩා 9ම ගුනයක වේගයකින් වෙබ් පිටුවක් ලබාගන්නට හැකි වනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ. මෙම නව ප්‍රවනතාවය පිටුපස ඇති තාක්ශනික පසුබිම internal JavaScript engine එකක බවටයි වැඩි දුරටත් හෙලි කර සිටියේ. එසේම පවතින වෙබ් ප්‍රමිතීන් සමග වඩාත් හොඳින් ක්‍රියාකරනවා සේම new web standards සමගද හොඳින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය තාක්ශනික දියුනු කිරීම් මෙම නව බ්‍රවුසරය සමග වන බවටයි දක්වා සිටින්නේ. keyboard, mouse, pen හා touch සමගද එකසේ හොඳින් ක්‍රියාත්මක වීමට හැකිවන සේ නව සංස්කරනය දියුනු කර ඇති බවයි වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින්නේ. කෙසේ වෙතත් තවමත් Internet Explorer 11 හි වින්ඩෝස් 7 සදහා වන අවසන් සංස්කරනයක් නිකුත් කරන්නට නියමිතව නොමැති මුත් එම බෙන ඔක්තෝබර 18 වැඩ්නි දාට යෙදී ඇති වින්ඩෝස් 8.1 නිකුතුව සමග Internet Explorer 11 පැමිනෙන්නට නියමිත බවටයි දැක්වෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...