2013-09-21

ASUS හා Acer අතර යාවීමක් ලගදීම!!!!


  තොරතුරු ලෝකය තුල මෑතකදී සිට වැඩියෙන් දිස්වන ප්‍රවනතාවයන් අතර ප්‍රකට මට්ටමේ ආයතන එකිනෙකා එක්වීම් දකින්නට පුලුවන. මයික්‍රසොෆ්ට් ආයතනය නොකියා ආයතනය අතාර් ඇතිවූ එකගතාවය මෙන්ම වෙස්ටර්න් ඩිජිටල් විසින්  Hitachi ආයතනය මිලදී ගැනීම ඒවා අතරින් කැපී පෙනෙන සිදුවීම් ලෙසට සටහන් වනවා. පැතිරෙමින් ඇති නවතම තොරතුරක් පවසන්නේ ප්‍රකර්ට පෙලේ ආයතනය දෙකක් වන  ASUS හා  Acer අතරද එවැනි එකගතාවයක් ඇතිවීමේ වැඩි ඉඩකඩක් නිර්මානය වෙමින් පවතින බවය.පරිගණක දෘඩාංග නිෂ්පාදනයේලා පිලිගත් කීර්තිනාමයන් හිමි මෙම දෙයාතනයන් එක්වීම පිලිබදව ඉගියක් ලැබී ඇත්තේ ASUS chairman වරයාගෙන බවටයි වාර්ථා පවසන්නේ.තොරතුරු ලෝකයේ දෘඩාංග නිෂ්පාදනයේ මෙන්ම මෘදුකාංග නිෂ්පාදනයේද ඩෙස්ටොප් පසුබිමේ සිට මොබයිල් ආකාරයේ භාවිතව දෙසට වේගයෙන් වෙමින් ඇති පරිවර්තනය සමග තම අනන්‍යතා තහවුරුකර ගැනීමට නම් අවශ්‍යවන ශක්තිය සදහා බොහෝ ආයතනයන් තම ස්ථවරයන් වෙනසකට සූදානම් වීම බහුලව දැකිය හැකි බවයි විචාරකයින් පවසන්නේ.

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...