මයික්‍රසොෆ්ට් වෙතින් පලවන තොරතුරු වලට අනූව කියවෙන්නේ ඔවුනට වින්ඩෝස් 7 සදහා XP ආකාරයට දීර්ග කාලීන සහය දැක්වීමක් සිදුකරන්නට බලාපොරොත්තු වන බවකි. XP සදහා වසර 12ක දීර්ග සහය දැක්වීමක් නිමා කරමින් 2014 වසරේ අප්‍රේල් 8 දා වන විට තම නිල සහය දැක්වීම අවසන් කරන්නට මෙ වන විට තිර්ර්නය වී තිබෙනවා.එහිදී පලවූ අදහස් වලට අනූව මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් XP සදහා මෙතරම් දිගු කාලයක් සහය දැක්වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වින්ඩෝස් විස්ටා වල අසාර්ථ වීම බවයි දක්වා සිටින්නේ. භාවිතාකරන්නන් අතර වූ බලාපොරොත්තුවක් වූවේ වින්ඩෝස් 8 වලට භාවිතාකරන්නන් පිවිසීම දුර්වල මට්ටමක පැවතීම නිසා මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් 7 සදහා දීර්ගකාලයක් සහය ලබාදෙනු ඇති බව වූ මුත් ආයතනය පවසා සිටින්නේ එලබෙන ඔක්තෝබරයේ වින්ඩෝස් 8.1 පැමිනීමෙන් පසු තම නව මෙහෙයුම් පද්ධතිය වෙත පිවිසෙන්නට භාවිතාකරන්නන් තුලවූ පැකිලීම බොහෝ දුරකට සමනය වනු ඇති බවකි. ආයතනය පවසා සිටින්නේ වින්ඩෝස් 8.1 සමග වඩාත් දියුනු කිරීම් රාශියක් පැමිනෙන බවත් ආයතනික මට්ටමේ භාවිතාවන් සදහාද එම නව සංස්කරනය වඩාත් ගැලපෙනු ඇති බවත්ය.වින්ඩෝස් 7 2009 නොවැම්බරයේ මයික්‍රසොෆ්ට් විසින් නිල ලෙස නිකුත්කල අතර ඒය සදහා ආයතනය නිල ලෙස සහය දැක්වීම 2015 ජමවාරි 15වන විට අවසන් වන්නට නියමිතව තිබෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...