මයික්‍රසොෆ්ට් දෙවන පරම් පරාවේ Surface උපකරනය මේ වන විට නිල ලෙස නිකුත් කොට හමාරය. එසේම මයික්‍රසොෆ්ට් ආයතනය නිල වශයෙන් පලමු පරම්පරාවේ Surface උපකරන අලවිය මේ වන විට අවසන් කොට ඇති බවටයි පවසා සිටින්නේ. එසේම මේ වන විටත් මයික්‍රසොෆ්ට් ආයතනය ප්‍රමානයෙන් කුඩා Surface උපකරනයක් පැමිනෙන බවට තහවුරු කර ඇත.මෑතකදී පලවූ වාර්ථාවක් පවසා සිටියේ එය බොහෝ විට මෙම වසරේ දෙසැම්බරයේ පමන වන විට නිල ලෙස ප්‍රකාශ කරන්නට නියමිත බවකි.එම වාර්ථා වැඩි දුරටත් පවස සිටින්නේ මෙම Surface mini උපකරනය දැනට වෙළඳ පොලෙහි පවතින iPad Mini හා Google Nexus 7 ඉලක්ක කරගමින් නිෂ්පාදනය වනු ඇති ඇති බවයි. 3G හා 4G සබදතාවයන් සහිතව පැමිනෙන්නට ඉඩ ඇති මෙම උපකරනය Qualcomm Snapdragon 800 ප්‍රොසෙසරයකින් සමන්විතව අඩු බල වැයක් හා දිගු කාලීන බැටරි බලයක් සදහා හිතැතිව පැමිනෙනු ඇති බවටයි සටහන් වන්නේ.අඟල් 7-5 ප්‍රමානයේ තිරයක සහිත පැමිනෙනු ඇතැයි බලාපොරොත්තුවන මෙහි නිෂ්පාදනය 2014 වසරේ පලමු කාර්තුව තුල ඇරබෙනු ඇති බවටයි වැඩි දුරටත් බලාපොරොත්තුව වන්නේ.බොහෝ විට ඩොලර් 249 අවට මිලකට මිල කෙරෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම උපාංගය මයික්‍රසොෆ්ට් වෙතින් පැමිනෙන වඩාත්ම ආකර්ශනීය Tablet නිකුතුව වනු ඇති බවටයි විචාරය වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...