Smartphone ලෝකය මහත්සේ වේගවත්ව වෙනස් වන්නකි. විටක නව තාක්ශනික අංගයක පැමිනීමකි. තවත් විටක විශාලතම තිරයක් නැතිනම් නවතම හැඩයක් පැමිනීමකි. පැමිනීම කුමක් වූවත් ඒවයේ පැමිනීමේ වේගවත් බවත් එකිනෙකින් වෙනස් වීමේ වේගවත් බවත් භාවිතකරන්නා නිරන්තරයෙන් අවදිව තබන්නට සමත් බවක් නම් පැහැදිව පෙන්වමින් සිටී. නවතම නිකුතුවක් වන්නේ LG ආයතනය නිවේදනය කර සිටින G Pro 2 දුරකථනයයි.Android KitKat 4.4 සමග එන මෙම දුරකථනය අඟල් 5.9ක ස්ක්‍රීනයකින් සමන්විතවන අතර වඩාත් සිහින් කැමරාව සමග ඉදිරි මුහුනතින් සියයට 77ක් තම ස්ක්‍රීනය සදහා ලබා ගන්නට සමත්ව තිබෙනවා. ear-piercing ආකාරයේ watt එකක speaker system සමග පෙර භාවිතාවන්ට වඩා 33% ක වැඩි හඩක් ගෙනෙන්නට සමත්ව තිබෙනවා. 2.26GHZ quad-core Snapdragon ප්‍රොසෙසරය සමග 3 GB RAM , මෙන්ම 13- megapixel කැමරාව සමග පැමිනෙන අතර එය 16හෝ 32 GB ලෙසට තොරා ගැනීමේ අවස්ථාව සමග වනවා. 2014 සදහා smartphone වලට නව ප්‍රමිතියක් ගෙනෙන්නට ක්‍රියාකර ඇති මෙම නිකුතුව සමග වන වඩාත් නවාංගයන් අතර “Knock Code” ලෙසට වන දියුනුකල ආරක්ශක තාක්ශනය වනවා. භාවිතාකරන්නෙකුට තම දුරකථනය unlock කර ගැනීම සදහා pin number හෝ pass code වෙනුවට series of taps යොදාගන්නට දියුනු කර ඇති algorithm හා advanced hardware සමග හැකිව තිබෙනවා. එම පහසුව සමග Display එක on/off මොන මට්ටමක වූවත් තිරයමත ඔනෑම තැනකට යොදන දෙකේ සිට අට දක්වා වන knock pattern සමග එය අවදිකරවා ගැනීමේ හැකි වනවා. මෙම නව නිකුතුව එලබෙන පෙබරවාරි අවසානයේ දකුනු කොරියාවේදී නිකුත්වනු ඇති බවටයි දැනට බලාපොරොත්තුව වන්නේ
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...