2014-02-28

Boeing වෙතින් එන "self-destructive" දුරකථනය.....

  Boeing ආයතනය පවසන්නේ තමන්ගේ  'Black' නම් 'self-destruct' දුරකථනය තොරතුරු සු‍රැකීම අතින් වඩාත්ම විස්වාසනීය වනු ඇති බවය. Android මෙහෙයුම් පද්ධතියක් සමග එන මෙම දුරකථනය මොනයම් ආකාරයකට හෝ විවෘත කරන්නට තැත් දරන විටම එහිවන දත්ත හා මෘදුකාංග වැඩසටහන් ස්වංක්‍රීයව විනාශ වන ලෙසට සකසා ඇති වැඩසටහන් ඔස්සේ ස්වංක්‍රීයව විනාශ වෙමින් අදාල දුරකථනයේ සියලු තොරතුරු සු‍රැකීමට කටයුතු කරනු ඇති බවය. රාජ්‍ය මට්ටමේ රහස් තොරතුරු පිලිබදව කටයුතු කරන්නන් ඉලක්ක කරගනිමින් නිමවන ලද මෙම දුරකථනය encrypting calls වැනි පහසූන් ඔස්සේ සාමන්‍ය භාවිතාව තුලදීද තොරතුරු සු‍රැකීමට කටයුතු කරනු ඇති බවත් පෙන්වා දෙනවා.
        සාමන්‍ය iPhone එකකට වඩා මදක් විශාල මෙම දුරකථනය සමග Sim පත් දෙකක් ඔස්සේ සබදතා භාවිතයට හැකිවන අතර biometric sensors හා satellites සබඳතා මෙන්ම solar power ක්‍රියාකාරීත්වයටද සහය දක්වන ලෙසට නිමව ඇති බවට පැවසෙනවා. WCDMA, GSM සහ LTE සදහා මෙන්ම  WiFi හා Bluetooth සදහාද සහය දක්වනු ඇති බවට පැවසෙන අතර මාස 36ක දියුනු කිරීම් කාලයකින් අනතුරුව මේ වන විට නිකුත් කරන්නට සූදානම්ව ඇති බවටයි නිවේදනය වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...