2014-07-08

Apple තම iOS 8 හා OS X 10.10 සදහා තෙවන බීටාව නිකුත්කරයි!!!!

 සාර්තක මෙහෙයුම් පද්ධතියක් සදහා පෙර සංස්කරන කිහිපයක් පසුකරන්නට සිදුවීම සාමාන්‍ය  කරනාවකි. ඇපල් ආයතනය ඊයේ නිවේදනය කර සිටියේ තම මීලග මෙහෙයුම් පද්ධති සංස්කරන  දෙක සදහා වන තෙවන බීටා සංස්කරන නිකුත්කරන බවකි. ඒ අනූව  iOS 8 හා  OS X 10.10 සදහා නිකුත්වන beta 3 සංස්කරන App Store වෙතින් දැන් ලබා ගත හැකි බවට නිවේදනය වනවා. මෙම සංස්කරනය ස්තාපනයේදී භාවිතාකරන්නෙකු තම ප්‍රධාන පරිගණක ඒ සදහා යොදා ගැනීම නොගැලපෙන කටයුත්තක් මෙන්ම අනතුරුදායක පියවරක් ලෙසට පිලිගැනෙන්නේ එය නිකුත්වන්නේ සීමිත කාලයක් සදහා වන අතර ආයතනය පූර්න විස්වාසයක් තබන සංස්කරනයක් ලෙසට එය නොපිලිගන්නා බැවිනි.
                              Apple ආයතනය පසුගිය WWDC වලදී හඳුන්වා දුන් පරිදි නව සංස්කරනය සමග 'dark mode' අංගය මෙන්ම multi-monitor සහය සංක්‍රියව ඇති අතර multi-monitor සහය සමග පහසුවෙන් වෙන වෙනම monitor වල adjust හැකියාව දියුනු කර තිබෙනවා. එසේම  iOS 8 beta 3 සමග wi-fi calling හැකියාව පැමින තිබෙනවා. ඇපල් ආයතනය මෙම සංස්කරන දෙකෙහි අවසාන සංස්කරන මෙම වසර අවසානය වන විට නිකුත් කරන්නට සැලසුම්ව ඇති අතර එයත් සමග Apple වල mobile හා desktop යන platforms දෙක සදහා නවාංග කිහිපයක් ‍රැගෙන එනු ඇති බවට බලපොරොත්තු ලබා දී තිබෙනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...