2014-06-17

windows 7 සමග IE11 භාවිතාවේදී අප්‍රේල් යාවත්කාලීනය අනිවාර්යය..

  Microsoft සමාගම නිවේදනය කර සිටියේ තම වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය ස,අග Internet Explorer 11 (IE11) භාවිතාකරන්නන් සදහා ඉදිරි යාවත්කාලීන නොකඩව ලබා ගන්නට නම්  April update ලබා ගෙන තිබීම අනිවාර්ය වනු ඇති බවකි. මෙය Microsoft ආයතනය මීට පෙර නිවේදනය කල පරිදි windows 8 සදහා ඉදිරි යාවත්කාලීන ලබා ගන්නට නම් june 10 සිට මාසයක් තුල Windows 8.1 වෙතට යාවත්කාලීන වීම අනිවාර්ය වීමට සමාන කාරනාවක් ලෙසටයි දැක්වෙන්නේ. එසේ යාවත්කාලීන නොවීම තුල අහිමිවන යාවත්කාලීන අතර security මෙන්ම  non-security updates ද වනු ඇති බවටයි නිවේදනය කෙරෙන්නේ. මේ අනූව windows 7 සදහා අප්‍රේල් මාසයේ නිකුත්වූ  MS14-018  යාවත්කාලීනය ලබා ගැනීම ඉන් පසුව වන සියලු ආකාරයේ යාවත්කාලින සදහා තීරනාත්මක වනු ඇති බවටයි නිවේදනය වන්නේ.
               පහදෙන්නන්ගේ බහුල ඉලක්කයක් වන බ්‍රවුසර මෘදුකාංගය නිතරම වඩාත් යාවත්කාලීනව තබා ගැනීම වැදගත් වන අතර එසේ කිරීම බ්‍රවුසර මෘදුකාංගය ඔස්සේ මෙන්ම වෙබ් අඩවි ඔස්සේ පරිගණකය වෙතට පැමිනිය හැකි මෘදු අනතුරු වලකා ගැනිම සදහා ඉතා වැදගත්වනු ඇති බවටයි පිලි ගැනෙන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...